ගුවන් යානයක් ධාවන පථයෙන් ඉවතට පැන මුහුදට වැටෙයි

හොංකොං ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ධාවන පථයෙන් ඉවතට ලිස්සා ගොස් අසල තිබූ වාහනයකද ගැටී මුහුදට වැටී තිබේ.

අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ තුර්කි භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවයක් වන Air ACT සතු බෝයිං 747-481 ගුවන් යානයක් වන EK9788 එමිරේට්ස් ගුවන් යානයක් මෙලෙස අනතුරට පත්ව ඇති බවය.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගුවන්තොටුපොළ වාහනයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකි.

කෙසේ නමුත් යානයේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් සිව් දෙනෙකු දිවි ගලවා ගැනීමට සමත්ව ඇති අතර ඔවුන් රෝහල් ගත කිරීමටත් පියවර ගෙන තිබේ.

මේ සමග බලපෑමට ලක්වූ ධාවන පථය වසා දැමීමට ගුවන් තොටුපොළ බලධාරීන් තිරණය කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *