හික්කඩුවේ වෙඩිතැබීමක්

හික්කඩුව මාවතගම ප්‍රදේශයේ නිවසක් ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර තිබේ. යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු වෙඩිතබා පලාගොස් ඇති බව වාර්තා වෙයි. වෙඩිතැබීමෙන් ජීවිත හානි කිසිවක් වාර්තාවී නොමැති අතරවෙඩි ප්‍රහාර 4ක් පමණ එල්ලකර තිබෙන බවත් නිවසේ බිත්තියට සහ ජනේලයකට වෙඩි ප්‍රහාර වැදී ඇති බවත් පැවසෙයි. සිද්ධිය සම්බන්ධයෙන් හික්කඩුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

රුහුණේ කෘෂිකර්ම පීඨයේ සිසු ගැටුමක්

රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ තෙවන වසරේ සිසුන් සහ දෙවන වසරේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබේ. තත්ත්වය පාලනය කිරීම සඳහා එම වසරවල් දෙකේ සිසුන් තාවකාලිකව අදාළ පරිශ්‍රයෙන් ඉවත් කිරීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබේ. ඊයේ (19) පැවැති ක්‍රිකට් තරගයක ලකුණු සම්බන්ධයෙන් ඇතිවූ මතගැටුමක් හේතුවෙන් ගැටුම හටගෙන ඇති අතර පසුව එය සමථයකට පත්වී ඇත. කෙසේවෙතත් අද (20) […]

වේගය වැරදී ගිය ක්‍රිකට් පිටියේ වේගවත්ම පන්දුව

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම පන්දු යැවීම ලෙසින් වාර්තා වන්නේ 2003 වසරේ දී පාකිස්තානය හා එංගලන්තය අතර ලෝක කුසලාන ක්‍රිකට් තරඟයේ දී පාකිස්තානයේ ෂොයිබ් අක්තාර් විසින් යවන ලද පන්දුවකි. මෙය වේග මාපකයේ පැයට කිලෝමීටර 161.3ක් හෙවත් පැයට සැතපුම් 100.23 ක් ලෙසින් සටහන්ව තිබිණි. කෙසේවෙතත් ඊයේ (19) ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති එක්දින තරගයේ දී දැකගත හැකි […]

හෙටත් දුම්රිය ගමන් වාර 04ක් අවලංගුයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත පස්කඳු දුම්රිය මාර්ගයට කඩා වැටීම හේතුවෙන් හා ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් පිලී පැනීම නිසා අද (20) දින උඩරට මාර්ගයේ ගමනාගමන කටයුතු වලට බාධා එල්ල විය. මේ අතර බලන හා ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථාන අතර පස් කඳු කඩා වැටීම හා දුම්රිය මාර්ගයට ආසන්නව ස්ථාන දෙකක මාර්ගය නාය ගොස් ඇත. […]

Gov Pay හරහා රථවාහන දඩ මුදල් ගෙවීම අද සිට දකුණු පළාතටත්

දකුණු පළාත තුළ අද (20) සිට Gov Pay හරහා රථවාහන දඩ මුදල් ගෙවීමේ අවස්ථාව සලසා දී තිබේ. මේ අනුව රථවාහන දඩ මුදල් ගෙවීමේ පහසුකම මේ වන විට බස්නාහිර පළාත සහ දකුණු පළාත ආවරණය කර ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික හර්ෂ පුරසිංහ මහතා අද පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය. […]

COPE සහ COPA කමිටු වාර්තා පොලිස්පතිට

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) සහ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ (COPA) වාර්තා පොලිස්පතිට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් කොමිසමට යැවීමට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවී තිබේ. පසුගියදා කතානායක ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම අනුමැතිය හිමිව තිබේ. මෙම අනුමැතිය හිමිවීමත් සමඟ කෝප් සහ කෝපා කමිටුවල […]

ඇමසන් cloud බිඳවැටීමෙන් අන්තර්ජාල සේවා වලට බාධා

ඇමසන් වෙබ් සේවාවල හදිසි බිඳවැටීමක් හේතුවෙන් ලොව විශාලතම වෙබ් අඩවි සහ යෙදවුම් බොහොමයක් අක්‍රිය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ හේතුවෙන් ඇමසන් cloud සේවා ලබන Amazon Prime, Perplexity, Fortnite, Alexa, Snapchat ඇතුළු යෙදවුම් රැසක් අක්‍රීය වී ඇති අතර බැංකු ගනුදෙනුකරුවන්ටද බලපෑම් එල්ලවී ඇති බව වාර්තා සඳහන් වෙයි.

මහ ඇමති පුටු ගන්න හිටපු මන්ත්‍රීවරු පොරකයි

ලබන වසරේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයේදී පළාත් සභාවල මහ ඇමති ධූර අපේක්ෂකත්වය ගැනීම සඳහා දේශපාලන පක්ෂ රැසක මහ පොරයක් ඇති වී තිබෙන බව වාර්තාවේ. මෙලෙස පළාත් සභාවල මහ ඇමැති ධූර අපේක්ෂකත්වය ගැනීමට ලොකු උත්සාහයක යෙදී සිටින අයගෙන් වැඩි පිරිසක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බවද වාර්තා වේ. ඔවුන් දැනටමත් ඒ ඒ දේශපාලන පක්ෂ නායකත්වයන්ගෙන් මහ ඇමැති […]

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු වෙයි

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියක් පිලී පැනීම හේතුවෙන් අද (20) රාත්‍රී තැපැල් දුම්රිය ඇතුළු තවත් දුම්රිය ගමන්වාර 07ක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඊයේ දිනයේ ඉහළ කොට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයේ පස් කන්දක් කඩා වැටී සිදුවූ පිලි පැනීම හේතුවෙන් අද උදෑසනද දුම්රිය ගමන්වාර 07ක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබීය. මේ අතර කඩිගමුව හා […]

ලක්මාලි මන්ත්‍රීවරියගේ ප්‍රකාශය අධිකරණයට අපහාසයක් නොවේ – අමාත්‍ය හර්ෂණ නානායක්කාර

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර විසින් මෑතකදී කරන ලද ප්‍රකාශය අධිකරණයට අපහාසයක් ලෙස තමා නොසලකන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර පවසයි. කොළඹ පැවති පළාත් සම්බන්ධීකරණ කමිටු රැස්වීමකදී ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරිය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විපක්ෂයෙන් දැඩි විවේචන එල්ලවීමෙන් පසුව අමාත්‍යවරයා මෙම අදහස් පළ කර තිබේ. ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගත […]