ජනපති සහ අගමැති ආරක්ෂාව වැඩි කරගෙන මන්ත්‍රීවරුන්ගේ ආරක්‍ෂාව අඩුකරලා

වත්මන් ජනාධිපතිවරයා සහ අගමැතිවරිය මීට පෙර හිටපු ජනාධිපතිවරුන්ට හා අගමැතිවරුන්ට වඩා තම ආරක්ෂාව වැඩි කර ගනිමින් සෙසු මහජන නියෝජිතයන්ගේ ආරක්ෂාව අඩුකර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පැවසීය.

මහජන නියෝජිතයින් ගේ ආරක්ෂාව ඉවත් කිරීම ආණ්ඩුවේ දේශපාලන තීන්දුවක් බව පෙන්වා දෙන ඒ මහතා එය පොලිස්පතිද අනුමත කර ඇති බව සඳහන් කළේය.

රටේ වත්මන් තත්ත්වය පිළිබඳව මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව පැවසූ මුජ්බර් රහුමාන් මහතා තවදුරටත් කියා සිටියේ ඉතිහාසයේ බලයට පත් වූ කිසිදු ආණ්ඩුවක් දේශපාලන තීන්දු මත මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව පිළිබඳව තීරණ ගෙන නැති බවයි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූයේ මුජිබුර් රහුමාන් මහතා

මේ අවස්ථාවේදී මන්ත්‍රීවරුන් ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් පියවර ගැනීමට ජනාධිපතිවරයාට සහ අගමැතිවරියට වගකීමක් තිබෙනවා.නමුත් අද ඒ වගකීම පැහැර හැර තිබෙනවා ජනාධිපතිතුමා පමණක් ආරක්ෂාව වැඩි කරගෙන අනෙක් මහජන නියෝජිතීන්ට ආරක්ෂාව දෙන්නේ නැහැ. ඒ කියන්නේ එතන දේශපාලන ප්‍රශ්නයක් තියෙන බවයි.

ජනාධිපතිවරයා දේශපාලන ගේමක් ගහන්න හදනවා මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව නොදී ඔවුන්ගේ කටවල් වහන්න උත්සාහ කරනවා.ඒක දේශපාලන තීන්දුවක් ඒක පොලිස්පතිතුමාට කිව්වහම පොලිස්පතිතුමා කිව්වා දේශපාලන තීන්දුවක් ආණ්ඩුව අරන් තියෙනවා කියලා.

මම පොලිස්පතිතුමාගෙන් ඇහුවා ආරක්ෂාව සම්බන්ධයෙන් දේශපාලන තීන්දු ගන්නේ කොහොමද කියලා. මම කිව්වා එහෙම ආරක්ෂාවන්ධයෙන් දේශපාලන තීන්දු ගන්න බෑ කියලා. ඔබතුමා පොලිස්පතිතුමා වශයෙන් මේකට වග කියන්න ඕන ඔබතුමා ආණ්ඩුවට කිව්වද මේ දේශපාලන තීන්දුව වැරදියි කියලා.

පොලිස්පතිතුමා කිව්වා ඔව් මම කිව්වා කියලා.එතකොට පොලිස්පතිතුමත් ආරක්ෂක මණ්ඩලයට කියලා තියෙනවා මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව දෙන්න ඕනේ කියලා.නමුත් ආණ්ඩුවෙන් දේශපාලන තීන්දුවක් අරන් තියෙනවා ආරක්ෂාව නොදී ඉන්න.ඒක දේශපාලන තීන්දුවක්.

ආරක්ෂාව සම්බන්ධව දේශපාලන තීන්දු ගන්න බැහැ ඒක කරන්න ඕනෑ මේ රටේ ආරක්ෂක නිලධාරීන් ජනාධිපතිතුමා ආරක්ෂාව පිළිබඳව දේශපාලන තීරණයක් අරගෙන මන්ත්‍රීවරුන් සියලු දෙනාගේම රක්‍ෂාව අයින් කරලා තියෙනවා.
ආරක්ෂාව දෙන්නේ නෑ කියලා අපි වැඩ නතර කරන්නේ නෑ. මේ අයගේ තියෙන කුහකකම. මේ අය මොනතරම් දෙපිටකාට්ටු අයද කියලා රටට කියන්න ඕනේ. විපක්ෂයේ ඉන්නකොට දරන අදහසයි මේකයි අදහස් දෙකක් මේ අයගේ දෙබිඩි පිළිවෙත හෙළි කළ යුතුයි

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *