ජනපති හා නීතිඥ සංගමය අතර හෙට විශේෂ සාකච්ඡාවක්

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධව ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර විශේෂ සාකච්ඡාවක් හෙට (12) ප.ව. 1ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධව සිය ස්ථාවරය ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් පසුගියදා ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දී තිබුණා.

කෙසේ වෙතත් මෙම විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධ 22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ හා ජාතික ඒකබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි මේ වන විට ගැසට් කර තිබෙනවා.

මෙම යෝජනාව සම්බන්ධව නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා ඇතුළු පිරිසක් පසුගියදා අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සමඟද සාකච්ඡාවකට සම්බන්ධ වුණා.

එම සාකච්ඡාවෙන් පසු මෙම විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ඇතුළත් ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබා දෙන අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි බවද රජිව් අමරසූරිය මහතා පැවසුවා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *