සැමට සාමය හා සෞභාග්‍ය ප්‍රාර්ථනා කරමින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මඟින් සංවිධාන කරන ලද ජාතික දීපවාලි උත්සවය ඊයේ (19) හැටන් නගරයේදී පැවැත්විණි. බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති මහාචාර්ය හිනිදුම සුනිල් සෙෙනවි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ ජාතික දීපවාලි උත්සවයේ ප්‍රධාන පූජාව හැටන් ශ්‍රී මාණික්ක පිල්ලෙයාර් හින්දු කෝවිලේදී ප්‍රධාන පූජකතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
බුද්ධශාසන ආගමික හා සංස්කෘතික නියෝජ්‍ය ඇමැති ගමගෙදර දිසානායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන්, නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන මංජුල සුරවීර, ක්‍රිෂ්ණන් කලේචෙල්වි, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන්, හැටන් දික්ඔය නගර සභාපති අශෝක කරුණාරත්න මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ. ජාතික දීපවාලි උත්සවය නිමිති කරගෙන සංවිධාන කරන ලද සංස්කෘතික පෙරහර හැටන් ශ්‍රී මාණික්ක පිල්ලෙයාර් දේවස්ථානය ඉදිරිපිට සිට හැටන් ප්‍රින්ස් ශාලාව දක්වා ගමන් කෙරිණි.



