ජුලි චන්ග් සහ ගෝමික උඩුගමසූරිය අතර හමුවක්

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජුලි චන්ග් මහත්මිය සහ විද්‍යාව සහ තාක්ෂණය පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා අතර සාකච්ඡාවක් කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේදී පසුගියදා සිදුව තිබේ. 

‘දිට්වා’ සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ සහ ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම පිළිබඳවත්, ශ්‍රී ලංකාව ඉදිරියේදී හඳුන්වා දීමට නියමිත ‘ජාතික පර්යේෂණ සහ සංවර්ධන ප්‍රතිපත්තිය’ පිළිබඳවත් මෙහිදී අවධානය යොමු කර ඇත.

මෙම කටයුතුවලදී දෙරටට ඒකාබද්ධව ක්‍රියාත්මක කළ හැකි වැඩසටහන් පිළිබඳවත් මෙහිදී විශේෂ අවධානයක් යොමුව තිබේ.

තවද, ශ්‍රී ලංකාවට අමෙරිකානු ආයෝජන ආකර්ෂණය කර ගැනීම උදෙසා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් හුවමාරු වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

එසේම ‘ජාතික පර්යේෂණ සහ සංවර්ධන ප්‍රතිපත්තිය” යටතේ උසස් අධ්‍යාපනය, තොරතුරු තාක්ෂණය, කෘතීම බුද්ධිය (AI) සහ ඩිජිටල්කරණය (digitalization) වැනි නවීන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව වැඩිදියුණු කරගැනීමට ඇති අවස්ථා පිළිබඳවද මෙහිදී සොයා බලා ඇත.

ශ්‍රී ලංකාවේ පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාවලිය  ශක්තිමත් කිරීම මඟින් අමෙරිකානු‍ වෙළෙඳපොළට පිවිසීමට නව දොරටු විවෘත කරගත හැකි බව මෙහිදී පෙන්වා දුන් අමෙරිකානු තානාපති ජුලි චන්ග් මහත්මිය දෙරට අතර තාක්ෂණික සහ විද්‍යාත්මක සබඳතා වැඩිදියුණු කිරීම සඳහා සහාය ලබා දෙන බවද ප්‍රකාශ කළාය.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *