ජොන්ස්ටන්ට එරෙහි සතොස නඩුවට නියෝගයක්

සතොස සේවකයින් දේශපාලන කටයුතුවල යෙදවීමෙන් රජයට පාඩු සිදුකළ බවට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසකට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර විභාගය මාර්තු 06 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (12) නියම කළා.

කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ අද මෙම නඩුව කැඳවනු ලැබුවා.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා වැඩිදුර සාක්ෂි විමසීම ලබන මස දක්වා කල් තැබීමට තීන්දු කළා.

2010 සහ 2014 අතර කාලසීමාව තුළ ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙළෙඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින්, සතොස ආයතනයේ සේවකයින් පිරිසක් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීමෙන් රජයට මූල්‍යමය පාඩුවක් සිදු කළ බවට විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා තිබුණා.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ මොහොමඩ් සාකීර් යන අය මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර තිබෙනවා.

වෙනත් නඩුවකට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටින ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ මොහොමඩ් සාකීර් යන මහත්වරුන් බන්ධනාගාර නිලධාරීන් විසින් අද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.  

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *