දේශබන්දු පත්කිරීමට එරෙහි පෙත්සම් විභාගය අවසන්

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පත්වීම අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) තීන්දු කළා. මෙම නඩුකරයට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද දිවුරුම් පෙත්සමක අඩංගු කරුණු සැලකිල්ලට ගනිමින්, පෙත්සම්කාර පාර්ශ්වයේ ද එකඟත්වය මත මෙම විභාගය අවසන් කිරීමට අධිකරණය පියවර ගෙන තිබෙනවා. අගවිනිසුරු ප්‍රීති […]
ජොන්ස්ටන්ට එරෙහි සතොස නඩුවට නියෝගයක්

සතොස සේවකයින් දේශපාලන කටයුතුවල යෙදවීමෙන් රජයට පාඩු සිදුකළ බවට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසකට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර විභාගය මාර්තු 06 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (12) නියම කළා. කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ අද මෙම නඩුව කැඳවනු ලැබුවා. එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා වැඩිදුර සාක්ෂි […]
පාඨලීගේ නඩුවේ සාක්ෂි විභාගය නැවත අරඹයි

2016 වසරේ අපරික්ෂාකාරී ආකාරයට රිය පදවා ඇතිවූ රිය අනතුරකට අදාළ සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුවේ සාක්ෂි විභාගය අද (12) දින මහාධිකරණය හමුවේ නැවත ආරම්භ විය. අඳාළ නඩුව අද මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි ඉදිරියේ කැඳවා ඇත. එහිදී නියෝජ්‍ය […]
12කට මරණ දඩුවම ලැබුණා තමයි හැබැයි, වෛරය වපුරපු අය ජනාධිපති ඇමති පුටුවල.. අපි ආවොත් ජවිපේ අල්ලනවා..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසා සිටියේ, මන්ත්‍රීවරයා ඝාතනය කරනු ලැබුවේ ඔහු දැරූ දේශපාලන මතය පදනම් කරගෙන මිස වෙනත් කිසිදු හේතුවක් නිසා නොවන බවයි. එමෙන්ම එම අවස්ථාවේදී සිය රාජකාරිය ඉටු කිරීමට කටයුතු කළ ආරක්ෂක නිලධාරියාද ඝාතනයට […]
බොරැල්ලේ පාසලක තාප්පයක් කඩා වැටී සිසුන් තිදෙනෙක් රෝහලට

බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනෙකු තුවාල ලබා තිබේ. ප්‍රතිසංස්කරණ කටයුත්තක් සඳහා යොදවා තිබූ බැකෝ යන්ත්‍රයක් තාප්පයේ ගැටීමෙන් එය මෙලෙස කඩා වැටී ඇති බව වාර්තා වේ. එම අවස්ථාවේ ඒ අසල සිටි සිසුන් තිදෙනෙකු ඊට යටවී ඇති අතර ඔවුන් මුදාගෙන ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. ඉන් එක් සිසුවෙකුගේ තත්ත්වය බරපතල වන […]
බේබි සහ ටිල්වින් සිල්වා අතර හමුවක්

සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දීය කවුන්සිලයේ ආරාධනය මත ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටින ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ කේරළ ප්‍රාන්ත මහ ඇමැති පින්නරායි විජයන් මහතා අතර හමුවක් කේරළයේ තිරුවානන්තපුරම් නගරයේදී ඊයේ(11) සිදු විය. මෙම හමුවට ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් එම්.ඒ. බේබි (M.A. Baby) මහතා සහ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන් කිහිප දෙනෙකු […]
තව 5ක් එක්ක පියුමිගේ පුතාත් රිමාන්ඩ්

රාජගිරිය කලපළුවාව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් අනතුරුව ත්‍රීරෝද රථ රියැදුරෙකුට සවලකින් පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ නිරූපණ ශිල්පිණියකගේ පුත්‍රයා ඇතුලු සැකකරුවන් හය දෙනෙකු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන තෙක් මෙම මස 16 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය මහතා ඊයේ (11) […]
අමරකීර්ති ඝාතන නඩුවේ අවසාන විනිශ්චය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ම්ලේච්ඡ ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරුවන් වූ 12 දෙනෙකුට ගම්පහ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් ඊයේ (11) මරණ දඬුවම නියම කරනු ලැබීය. තීන්දුව ප්‍රකාශයට පත්කෙරුණේ බෙදුණු තීන්දුවක් ලෙසය. නඩුවේ තීන්දුව ප්‍රකාශ කෙරුණේ නඩු විභාගය ඇරඹී වසර තුනහමාරක් ඇතුළතදීය. අරගලය පැවති සමයේ […]
මෛත්‍රී, රනිල් සහ අනුරට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි

ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළව හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රිපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ සහ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මෙන්ම නීතිපතිවරයා ඇතුළු පාර්ශව කිහිපයකට නොතීසි යැවීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා. ඒ මෙරට කාන්තාවන්ට සහ පිරිමින්ට ජීව විද්‍යාත්මක පදනමින් බැහැරව තම අභිලාෂය පරිදි සැත්කම් මගින් ලිංගික අනන්‍යතාවය වෙනස් කර ගැනීම සඳහා පහසුකම් […]