ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රුව අමෙරිකානු විදේශ ගමන් බලපත්‍රවලට ඇතුළත් කිරීමට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම විදේශ ගමන් බලපත්‍රය එක්සත් ජනපදයේ 250 වැනි නිදහස් සංවත්සරය සැමරීම වෙනුවෙන් නිකුත් කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.
මෙය සීමිත සංස්කරණ විදේශ ගමන් බලපත්‍රයක් බව සඳහන්.
ප්‍රජාතන්ත්‍රවාදී රටක දැනට බලයේ සිටින නායකයෙකුගේ රුව විදේශ ගමන් බලපත්‍රයක මුද්‍රණය කෙරෙන දුර්ලභ අවස්ථාවක් ලෙස මෙය සැලකෙනවා.



