රනිල්ට අධිචෝදනා ප්‍රමාද ඇයි?

හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ වුල්හැම්ප්ටන් උපාධි ප්‍රදානෝත්සවය සඳහා සහභාගී වීමට රජයේ මුදල් යොදා ගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි පවතින බව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (29) දැනුම් දුන්නා. ඒ රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පොදු දේපොළ පනත යටතේ ගොනු කර ඇති නඩුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබූ […]

“මට මතක නැහැ.. අත්සනත් මගේ නෙමෙයි, මම හිටියෙත් රට..”

ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කරමින් හැඳුනුම්පතක් ලබාගත් බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ඊයේ (28) කොළඹ මහාධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන්නා.   එහිදී ඇය අවධාරණය කළේ සිය නමින් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා වෙත යොමු කර ඇති නම වෙනස් කිරීමේ අයදුම්පතෙහි දැක්වෙන අත්අකුරු හෝ අත්සන තමාගේ නොවන බවයි. අදාළ අයදුම්පත ඉදිරිපත් කළ […]

හිටපු ජනාධිපති මහින්දට අල්ලස් කොමිසමෙන් දැඩි දැනුම්දීමක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වත්කම් හා බැරකම් ප්‍රකාශයක් දීමට ඔහු දිවුරුම් පෙස්සමක් මඟින් දීර්ඝ කාලයක් ඉල්ලා සිටියත් එවැනි කාලයක් ලබාදිය නොහැකි බව දන්වා අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව හිටපු ජනාධිපතිවරයාට දැනුම් දීමක් සිදු කර ඇති බව වාර්තා වේ. ඒ අනුව සති දෙකක කාලයක් ඇතුළත වත්කම් බැරකම් ප්‍රකාශය ලබාදිය යුතු බව සඳහන් කරමින් පසුගිය […]

ශම්මිට අහිමිවුණු සභාපති පුටුව ඉරාන් වික්‍රමරත්නට

ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ නව සභාපති ලෙස සමගි ජන බලවේගය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පත්කර තිබේ. මෙහි සෙසු සාමාජිකන් ලෙස රොෂාන් මහානාම, කුමාර් සංගක්කාර, තුෂිර රදැල්ල, සිදත් වෙත්තමුනි, අවන්ති කොළඹගේ, ප්‍රකාශ් ෂාෆ්ටර්, උපුල් කුමාරප්පෙරුම හා දිනාල් පිලිප්ස් යන මහත්වරු පත්කර ඇත. ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා ඇතුළු විධායක කමිටුව සිය ධුරවලින් ඉල්ලා […]

ට්‍රම්ප්ගේ රුව අමෙරිකානු පාස්පෝට් එකට

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රුව අමෙරිකානු විදේශ ගමන් බලපත්‍රවලට ඇතුළත් කිරීමට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම විදේශ ගමන් බලපත්‍රය එක්සත් ජනපදයේ 250 වැනි නිදහස් සංවත්සරය සැමරීම වෙනුවෙන් නිකුත් කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ. මෙය සීමිත සංස්කරණ විදේශ ගමන් බලපත්‍රයක් බව සඳහන්. ප්‍රජාතන්ත්‍රවාදී රටක දැනට බලයේ සිටින නායකයෙකුගේ […]

ශම්මි සිල්වා අස්වීමේ ලිපිය භාරදෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබේ. ඒ අනුව, අද (29) සිට ක්‍රියාත්මක වන ඔහු පරිදි එම ධුරයෙන් ඉවත්වනු ඇත. ඔහු සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය සහ විධායක කමිටු සාමාජිකයින් ද සිය ඉල්ලා අස්වීම් භාර දී ඇති බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. මෙම තීරණය ජනාධිපති අනුර […]

මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කෙරේ

ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද මහජන හදිසි අවස්ථා තත්ත්වය තවත් මසකින් දීර්ඝ කර තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් ආචාර්ය එන්. එස් කුමනායක මහතා විසින් ඊයේ (28) නිකුත් කර ඇත. දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ ආපදා තත්ත්වය සැළකිල්ලට ගනිමින් මෙරට මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතුකොට ගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා […]

හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව අද යළි කරළියට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පොදු දේපොළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුව අද (29) යළි කැඳවීමට නියමිතව තිබේ. ඒ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදීය. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ කාලසීමාව තුළ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රධාන උත්සවයක් සඳහා සහභාගි වීමට ලන්ඩනයට යාමට රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනා […]

සංශෝධිත විදුලි ගාස්තු පිළිබද තීරණය මැයි

සංශෝධිත විදුලි ගාස්තු පිළිබද තීරණය මැයි මස 9 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.  ඒ අනුව 2026 අති විශේෂ විදුලි ගාස්තු සංශෝධන යෝජනාව සම්බන්ධයෙන් මහජන උපදේශනය අද (29) සිට ආරම්භ කරන බවද එම කොමිෂන් සභාව සඳහන් කළේය. ලෝක වෙළදපොලේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් 2026 වසරේ දෙවන හා තෙවන […]