ඉදිරි මැතිවරණයකදී ජාතික ජන බලවේගය පරාජය කිරීමට නම් තමන් වැනි දිව්‍ය ලෝකයෙන් පැමිණි සෙට් එකක් විය යුතු බව නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි.
අරුණ ජයසේකර වැනි දිව්‍ය ලෝකයෙන් පැමිණි සෙට් එකකට හැර මාලිමාව පරාජය කළ හැකි වෙනත් කිසිදු බලවේගයක් නැති බව ඒ මහතා අවධාරණය කළේය.
ඒ අනුව ඉදිරි වසර 25 තුළ අනුර කුමාර දිසානායක මහතා සමග තරග කළ හැකි එන්න ඉන්න,නැගීඑන හෝ සිටින කිසිවෙක් නැති බව පවසන ඒ මහතා මේ රට අඛණ්ඩව පාලනය කළ හැක්කේ ජාතික ජන බලවේගයට පමණක් බව
පැවසීය.
වැඩසටහනකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව සඳහන් කළ අරුණ ජයසේකර මහතා තවදුරටත් කියා සිටියේ,
“2024 අවසානයේ මැතිවරණ දෙකෙන් අපි පළවාහැරියේ කාවද කියන එක හොඳින් වටහාගත යුතුයි. මේ ලෝකයේ සිටින දරුණුතම සංවිධානාත්මක අපරාධ හා ජාවාරම්කරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්, ඒ සියලුම මහා අපරාධවලින් සමන්විත වූ අපරාධ ජාලයකින් සමන්විත දේශපාලන අධිකාරියක්. ඒවා එකින් එක ගලවන්න අපිට සිද්ධ වුණා. ඒ විපක්ෂය අපි පරාජය කරලා ඉවරයි.
නමුත් අපි ඉතාමත් සංවිධානාත්මකව දේශපාලනික වශයෙන් ඔවුන්ගේ දේශපාලනය අවසන් කළ යුතුව ඇත. මෙතන ඉන්න කවුරුහරි කියන්න ඉදිරි අවුරුදු 25 ඇතුළත අනුර කුමාර දිසානායක ගරු ජනාධිපතිතුමාත් එක්ක තරඟ කරන්න ඉන්න කවුරු හරි ඉන්නවා නම්. එන්න ඉන්න නායකයෙක්? නැගී එන නායකයෙක්? වෙන පක්ෂයක්, ව්‍යාපාරයක් මේ ජාතික ජන බලවේගයත් එක්ක මුහුණට මුහුණට තරග කරන්න ඉදිරියේදී තියෙන ඕනෙම මැතිවරණයකදී ඉන්නවා නම් කියන්න.
එහෙම නම් මේ මම වගේ, අරුණ ජයසේකර වගේ හොඳ, උඩින්, දිව්‍ය ලෝකයෙන් ආපු වෙනම සෙට් එකක් එන්න ඕනෙ. ආයෙ නෑ කවුරුත්. ඒ තරම් දුරට දේශපාලනයේ ඔවුන්ගේ ඉවර කර හමාරයි. දැන් අපි මේ අද හම්බවෙලා තියෙන්නෙ මොකටද ? ඔබලා අපි එකතුවෙලා දේශපාලනික වශයෙන් සංවිධානය වෙලා ඔවුන්ගේ ඉතුරු දේශපාලනය ඉවර කළ යුතුයි. එච්චරයි.”



