තෙල් නැවක් කොල්ලකෑ බවට වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක් කොල්ල කා ඇති බවට වෙනිසියුලානු රජය චෝදනා කරයි.

අමෙරිකානු ආරක්ෂක අංශ මඟින් වෙනිසියුලානු තෙල් නෞකාවක් සිය භාරයට ගත් බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් වෙනිසියුලානු රජය මෙම චෝදනාව සිදුකර ඇති බව සඳහන්ය.

වෙනිසියුලානු වෙරළට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී අමෙරිකානු ආරක්ෂක අංශ විසින් අදාළ නෞකාව සිය භාරයට ගෙන තිබුණි.

ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධානවලට සහාය දක්වන නීතිවිරෝධී තෙල් නැව් ජාලයට සම්බන්ධ නෞකාවක් ආරක්ෂක මෙලෙස සිය භාරයට ගෙන ඇති බව අමෙරිකාව පවසයි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *