“තෙල් නිධි පහක් තියෙනවා.. ළගදීම ගොඩගන්නවා..”

ශ්‍රී ලංකාව තුළ තෙල් සහ ගෑස් නිධි පහක් හඳුනාගෙන ඇති බවත්, ඉන් නිධි තුන හතරක සැලකිය යුතු ප්‍රමාණයක ඉන්ධන පවතින බව දත්ත පර්යේෂණ මගින් තහවුරු වී ඇති බවත් මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා ප්‍රකාශ කරයි.

ස්වාධීන රූපවාහිනිය සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේඅදාළ ක්ෂේත්‍රයේ විද්වත් කණ්ඩායම් විසින් සිදු කළ දත්ත පර්යේෂණ මගින් මෙම නිධිවල තෙල් පවතින බව මේ වන විටත් විද්‍යාත්මකව ඔප්පු කර ඇති බවයි.

දැන් තිබෙන ප්‍රශ්නය තෙල් තිබෙනවාද නැද්ද යන්න නෙමෙයිතෙල් ඇති බව දත්ත මගින් ඔප්පු කර තිබෙනවාදැන් අප ඉදිරියේ ඇති කාර්යය වන්නේ එම තෙල් ගොඩගැනීමේ යාන්ත්‍රණය සකස් කිරීමයි,” යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැහැදිලි කළේය.

මෙම නිධිවල ඇති ඉන්ධන ගොඩගැනීමේ ක්‍රියාවලිය සඳහා යම් කාලයක් ගත වනු ඇතැයි ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත්මෙම ව්‍යාපෘතියේ ප්‍රතිඵලයක් ලෙස ඉදිරියේදී සමස්තයක් ලෙස ඉන්ධන සහ ගෑස් සඳහා විදේශ රටවල් මත යැපීම සැලකිය යුතු මට්ටමකින් අඩු කර ගැනීමට හැකි වනු ඇති බව රජය විශ්වාසය පළ කරයි.

ලංකාවේ එහෙම ඉන්දන නිදි ප්‍රමාණයක් තියෙනවාඑහෙම සොයාගෙන තියෙනවාඒ නිදි පහක් හොයාගෙන තියෙනවාඑහයින් දැනටමත් තුනක වගේ ප්‍රමාණය හතරක ඉඳන තියෙන බවට සැලකිය යුතු තොරතුරු ප්‍රමාණයක් ලැබිලා තියෙනවා.

ඒ දත්ත පර්වේෂණ මගින් හොයාගෙන හිතිනාවාඒ ඉන්න කණ්ඩායම ඒ විද්වත් කණ්ඩායම ඉතා විශ්වාසයෙන් කියනවා මේක තෙල් තියෙනවද නැද්ද කියන එක නෙමෙයි තෙල් තියෙන බව දත්ත වලින් ඔප්පු කරලා තියෙනවා.

දැන් තියෙන තෙල් ටික ගොඩගැනීමේ යාන්ත්‍රණය තමයි මේ කරන්න යන්නේඉතින් ඒකට යම් කාලයක් යාවි.

ඉතින් අපි විශ්වාස කරනවා ඉදිරියේදී එහි ප්‍රතිඵලය ලැබීම තුළින් සමස්තයෙන්ම ඉන්දන ගෑස් පිට රටින්ම යැපීම යම්තාක් දුරට අපිට අඩු කරගන්න පුළුවන් වෙයි’

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *