රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

මැදපෙරදිග කලාපයේ මතුව ඇති යුදු ගැටුම් සහ ඉන් ඇතිවන ආර්ථික බලපෑම් අවම කිරීම සඳහා ඉන්දියන් සාගර කලාපයේ රාජ්‍ය නායකයින් සමග නිරන්තර සාකච්ඡා පැවැත්වීම ශ්‍රී ලංකාවට වැදගත් වන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. පවතින යුදමය වාතාවරණය ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු මේ බව සඳහන් කළේය. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ […]

ධම්මික රණතුංගට මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග මහතාට එරෙහිව පවරා ඇති දූෂණ චෝදනාවලට අදාළව, මහාධිකරණයෙන් නොතීසි ලැබුණු වහාම එහි පෙනී සිටින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (13) නියෝග කර තිබෙනවා. මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට ප්‍රකාශ කළේ, සැකකරුට එරෙහිව දැනටමත් මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර ඇති බවයි. ඒ අනුව, […]

පූජිත් සහ හේමසිරිට එරෙහි පාස්කු නඩුවට දින දීලා

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව පූර්ව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, එය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව පවරා තිබූ එම නඩුවේ විත්තියේ සාක්ෂි ඉදිරිපත් කිරීම ලබන 26 වැනිදා සිදු කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියම කළා. මෙම නඩුව […]

“යුද්දෙ ඉවර වුන ගමන් තෙල් මිල අඩු කරනවා.. එතෙක් බඩු මිල වැඩිවෙයි..”

ලෝකයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ඉහළ ගොස් ඇති ඉන්ධන මිල, එම යුදමය තත්ත්වය අවසන් වූ පළමු මොහොතේදීම යළි අඩු කරමින් එහි සහනය ජනතාවට ලබාදීමට රජය සහතික වන බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි. මෙය සදාකාලික මිල වැඩිවීමක් නොවන බවත්, පවතින ඕනෑම ව්‍යසනකාරී තත්ත්වයකදී ජනතාව අතරමං නොකරන මහජන ආණ්ඩුවක් වර්තමානයේ ක්‍රියාත්මක වන බවත් ඒ මහතා අවධාරණය කළේය. ඉන්ධන […]

“සලේව ගත්තාම සමහරු රට ගිහින්..”

වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන දූෂණ විරෝධී විමර්ශන සහ අත්අඩංගුවට ගැනීම් හමුවේ ඇතැම් පුද්ගලයන් දැඩි ලෙස කලබලයට පත්ව ඇති බවත්, ඇතැමුන් මේ වන විටත් විදේශගත වී ඇති බවට තොරතුරු වාර්තා වන බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ,  විශේෂයෙන්ම හිටපු බුද්ධි අංශ […]

දුමින්ද සිල්වාගෙන් ප්‍රශ්න කරන්න අල්ලස් එකට අවසර

අල්ලස් කොමිසම මගින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව, දැනට මරණීය දණ්ඩනය නියම වී බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (13) අවසර ලබා දී තිබෙනවා. මෙම අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් දුමින්ද සිල්වා මහතාගෙන් බන්ධනාගාරය තුළදී ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍යව ඇති බැවින් ඒ සඳහා සුදුසු නියෝගයක් නිකුත් කරන […]

“වරායෙන් බාන මිලට දහයක් එක් කරලා ඉන්ධන දෙන්න බෑ.. රට හදන්න ඉන්ධන බදු ගහන්න ඕනේ..”

ඉන්ධන සඳහා අය කරන බදු මුදල් රටේ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වන බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා. රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. විපක්ෂයේ සිටියදී කියූ ආකාරයට වරායෙන් බාන මිලට රුපියල් 10-15ක් බද්දක් පමණක් ඒක් කර ජනතාවට සහනයක් ලබා දීමට එම බදු මුදල් අඩු කළ නොහැක්කේ මන්ද යන්න […]

ලංකාවේ ඉන්ධන සංචිතවල අලුත්ම තත්වය

මෙම මස තුළ මෙරටට ළඟාවන බවට තහවුරු කර ඇති ඉන්ධන නෞකාවල ඉන්ධන තොගවලින් එළඹෙන අප්‍රේල් අග දක්වා ප්‍රමාණවත් ඉන්ධන රටට ලැබෙනු ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරනවා. මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් එහි කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා මේ බව ප්‍රකාශ කළා. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, “අද දිනය වනවිට කොළඹ […]

බොරු ඇඩ්වලට රැවටෙන්න එපා

ඉදිරි උත්සව සමයත් සමඟ අන්තර්ජාලය හරහා පළ වන වෙළෙඳ දැන්වීම් සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ. එම සංසදයේ ජ්‍යේෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුනුපොල මහතා සඳහන් කළේ, මේ වසරේ ගත වූ මාස දෙක තුළ අන්තර්ජාල වංචා සම්බන්ධ සිදුවීම් කිහිපයක්ම ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට වෙත වාර්තා […]

“තෙල් නිධි පහක් තියෙනවා.. ළගදීම ගොඩගන්නවා..”

ශ්‍රී ලංකාව තුළ තෙල් සහ ගෑස් නිධි පහක් හඳුනාගෙන ඇති බවත්, ඉන් නිධි තුන හතරක සැලකිය යුතු ප්‍රමාණයක ඉන්ධන පවතින බව දත්ත පර්යේෂණ මගින් තහවුරු වී ඇති බවත් මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා ප්‍රකාශ කරයි. ස්වාධීන රූපවාහිනිය සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, අදාළ ක්ෂේත්‍රයේ විද්වත් කණ්ඩායම් විසින් සිදු කළ දත්ත පර්යේෂණ මගින් මෙම නිධිවල […]