දින 27කට පසු අනිද්දා යාල්දේවි යාපනයට

ආපදා තත්ත්වය හේතුවෙන් ධාවනය ඇනහිටි යාල් දේවී දුම්රිය දින 27 කට පසු අනිද්දා (දෙසැ. 24) සිට කොළඹ කොටුව හා යාපනය කන්කසන්තුරය අතර යළි ගමන් ආරම්හ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මෙම දුම්රිය දිනපතා කොළඹ කොටුවෙන් පෙරවරු 6:40 ට ගමන් ආරම්භ කෙරෙන යාල් දේවී දුම්රිය යාපනය පස්වරු 1:57 ටත් කන්කසන්තුරයට පස්වරු 2:32 ළගාවීමට නියමිත ය.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පසුදින පෙරවරු 10:30 ට කන්කසන්තුරෙන් පිටත්වන එම දුම්රිය පස්වරු 6:54 ට කොළඹ කොටුවට ළගාවීමට නියමිත බව ය.

පලමු පන්තිය (වායු සමනය කළ ) හා දෙවන පංතිය ආසන වෙන්කිරීමේ පහසුකම් සලසා ඇති බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

එමෙන් ම, මේ වන විට උතුරු දුම්රිය ප්‍රතිසංස්කරණ කටයුතු කළ ස්ථානවල දැනට පනවා ඇති වේග සීමාවන්ට අනුව ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරට ත් සදහන් කළේ ය.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *