දිස්ත්‍රික්ක 8කට නායයෑම් අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 8ක් සඳහා අද (20) රාත්‍රි 9 දක්වා බලපැවැත්වෙන පරිදි නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.

ඒ අනුව මහනුවර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 6ක් සඳහා අදියර දෙකක් යටතේ වන නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත.

මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර සහ උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල, යටියන්තොට, කෑගල්ල, අරණායක සහ දෙහිඔවිට යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාස සඳහා බලපැවැත්වෙන පරිදි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මෙම අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.

එසේම බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුමුල්ල, පස්සර, කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, නෙලුව සහ ඇල්පිටිය, මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර, දෙල්තොට, උඩපළාත, දොළුව, පහතදුම්බර, පහතහේවා හැට සහ ගග ඉහළකෝරළය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨස සඳහා ද අදියර එක යටතේ වන අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත.

ඊට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, ගලිගමුව, රුවන්වැල්ල, වරකාපොළ සහ රඹුක්කන, කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල, අලව්ව, රිදීගම සහ මල්ලවපිටිය, මාතලේ දිස්ත්‍රික්කයේ යටවත්ත, උකුවෙල, පල්ලෙපොල, ලග්ගල, නාවුල, අඹන්ගගකෝරයළය සහ රත්තොට, යන ප්‍රදේශවලට ද මෙසේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, අඹගමුව, නෝවුඩ් සහ හගුරන්කෙත මෙන්ම රත්නපුර දිස්ත්‍රික්යේ කලවාන, ඉඹුල්පේ, රත්නපුර  සහ ඇහැලියගොඩ යන යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද අද රාත්‍රී 9 දක්වා බලපැවැත්වෙන පරිදි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මෙසේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *