දෙහිවල නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක්.. ළමුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

දෙහිවල, සිරිසඟබෝ මාවත ප්‍රදේශයේ අද (11) අළුයම නාඳුනන පුද්ගලයකු විසින් නිවසකට එල්ල කළ අත්බෝම්බ ප්‍රහාරයකින් ළමුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයකු සහ ළමුන් දෙදෙනා ක‍ළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ළමුන් දෙදෙනා මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් තළේ.

මියගොස් ඇත්තේ අවුරුදු 11 සහ 17 වයස්වල පසුවන දෙහිවල ප්‍රදේශයේ පදිංචි පිරිමි ළමුන් දෙදෙනෙක්.

තුවාල ලැබූ අනෙක් පුද්ගලයා ඔවුන් ගේ පියා වන අතර ඔහුගේ වයස අවුරුදු 55 ක්.

මියගිය දරුවන්ගේ මෘත ශරීර කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

අපරාධයට හේතුව හෝ සැකකරුවන් පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වි නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා දෙහිවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *