නාමල් ජනපති කරවීමේ සටන මහින්ද භාර ගනියි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා 2029 දී රටේ ජනපති කිරීමේ සටන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා භාර ගෙන ඇත.

කොළඹ රැඳී සිටිමින් විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ සමග ඒකාබද්ධව එම සටන දියත් කිරීම සඳහා කොළඹින් නිවසක් ද ගෙන ඇති බව වාර්තාවේ.

එම වැඩකටයුතු සාර්ථක කර ගැනීම සඳහා විවිධ අයුරින් සහයෝගය ලබා දෙන බවට මේ වන විට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ.බැසිල් රාජපක්ෂ.
චමල් රාජපක්ෂ ඇතුළු පවුලේ දේශපාලනඥයන් මෙන්ම විපක්‍ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධානීන්ගේ එකඟත්වය පළව තිබෙන බව එම පෙරමුණේ ජේෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

හිටපු ජනාධිපතිවරුන් ගේ වරප්‍රසාද අහිමි කිරීම යටතේ මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටි නිල නිවස යළි රජයට
භාරදී තංගල්ලේ පිහිටි කාල්ටන් නිවසට පදිංචියට ගියේය.

ඔහු එම නිවසට ගිය දවසේ සිට මේ දක්වා පක්ෂයේ නායකයින් හා ක්‍රියාකාරීන්, සාමාන්‍ය ජනතාව, විවිධ දේශපාලනඥයන්, රාජ්‍යතාන්ත්‍රිකයන්, මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමිකනායකයින් ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන පිරිස් ඔහුගේ සුව දුක් විමසීම සඳහා කාල්ටන් නිවස වෙත පැමිණියහ.

එලෙස පැමිණි අය අතුරින් බොහෝ දෙනකුගේ ඉල්ලීම් වී තිබුණේ මහින්ද රාජපක්ෂ මහතා නැවත කොළඹ නිවසක පදිංචියට එන ලෙසය.

ඒ අනුව කොළඹට ආසන්න ප්‍රදේශයකින් නිවසක් ලබාගෙන ඇති මහින්ද රාජපක්ෂ මහතා නුදුරේදීම එම නිවසේ පදිංචියට ඒමට සූදානමින් සිටින බව වාර්තාවේ.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *