නීතිඥ වන්නිනායක බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට

අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව ඇප මත මුදාහැර සිටින නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා අද (16) උදෑසන බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශයට පැමිණ තිබේ.

ඒ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ සිදු වූ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහායි.

ගල්කිස්ස අධිකරණ සංකීර්ණයේදී පසුගියදා ඇති වූ සිද්ධියට සම්බන්ධව සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක ඊයේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු ඇප මත මුදාහැරුණා.

රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මොහුව මුදා හැරුනු අතර සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙස ද නියෝග කෙරුණා.

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී නීතිඥ ගුණරත්න වන්නිනායක ඇතුළු නීතිඥවරුන් පිරිසක් සහ රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු අතර බහින්බස්වීමක් සිදුව තිබුණේ පසුගිය 10 වැනිදායි.

එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ගල්කිස්ස මූලස්ථාන පොලිසිය, නීතිඥ ගුණරත්න වන්නිනායකට කැඳවීමක් කර තිබූ නමුත් ඔහු පොලිසියට පැමිණ නැහැ.

ඒ අනුව පොලිස් කණ්ඩායම් තුනක් නීතිඥ ගුණරත්න වන්නිනායක සෙවීමට යොදවා තිබුණා.

මේ අතර නීතිඥ ගුණරත්න වන්නිනායක අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කළා.

ඒ තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින්.

මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා කියා සිටියේ සිය සේවාදායකයා හැකි ඉක්මනින් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්වීමට සූදානම් බවයි.

ඒ අනුව ඔහු අධිකරණයට ඉදිරිපත් වනතුරු අත්අඩංගුවට ගැනීම වළක්වාලන කෙටි නියෝගයක් නිකුත් කිරීම යෝග්‍ය බවද පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු පෙන්වා දුන්නා.

මේ අතරතුර, පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරමින් සිටි නීතීඥ ගුණරත්න වන්නිනායක ඊයේ ගල්කිස්ස අධිකරණ භූමියට පැමිණ තිබුණේ නීතීඥ සංගමයේ සභාපති නීතීඥ රජිව් අමරසූරිය සමගයි.

අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මොහුට බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය වෙත අද පෙරවරුවේ පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙසට නියෝග කිරීමෙන් අනතුරුව නඩුව නොවැම්බර් 17 වැනිදා දක්වා කල් තැබුණා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *