නීතිවිරෝධී රූපවාහිනී සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් වටලයි

ගල්කිස්ස – අත්තිඩිය පාර ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් තුළ නීති විරෝධීව පවත්වාගෙන ගිය රූපවාහිණී සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් වැටලූ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සහ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන්, මාලදිවයින ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහි තිබී රුපියල් කෝටියකට ආසන්න සන්නිවේදන උපකරණ සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

රත්මලාන ගුවන්තොටුපළට ආසන්නයේ පිහිටි ආරක්ෂිත කලාපයේ මෙය ස්ථාපිත කර තිබූ අතර, අත්අඩංගුවට ගත් මාලදිවයින් ජාතිකයා 55 හැවිරිදි කළුබෝවිල ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *