ශයිනි මවුලවි ඇතුළු පිරිසට ඇප ලබාදෙන්න හමුදා බුද්ධි අංශ මැදිහත් වෙලා..

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන ත්‍රස්ත කණ්ඩායමේ නායක සහරාන් හෂිම් ගේ සහෝදරයා වන ෂයිනි මවුලවි ඇතුළු පිරිසට ඉන් පෙර පැවති නඩුවක දී ඇප ලබා දීම සඳහා හමුදා බුද්ධි අංශ මැදිහත් වී ඇතැයි අසාද් මවුලානා සාක්ෂි දෙමින් පැවසූ බව අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී පැවසුවේ ය. එහි දී අතිරේක […]
”අටමස්ථානාධිපති හිමි ගණිකාවකගේ ප්‍රකාශයක් මත අත්අඩංගුවට ගෙන තියෙන්නේ..”

ගණිකාවකගේ ප්‍රකාශයක් මත අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට වත්මන් රජය කටයුතු කර ඇති බව සර්වජන බලය පක්ෂයේ ජාතික සංවිධායක, හිටපු දිලුම් අමුණුගම මහතා පවසනවා. ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් ඔහු සඳහන් කළේ, වත්මන් පරිපාලනය විසින් රජයට සහාය දැක්වූ පිරිස් මෙන්ම ආරක්ෂක අංශවල හිටපු ප්‍රධානීන් දඩයම් කරමින් දෙබඩි පිළිවෙතක් අනුගමනය කරන බවයි. කෙසේවෙතත් අටමස්ථානාධිපති […]
ජොන්ස්ටන්ගේ අරක්කු කම්හලේ නම වෙනස්කරලා

ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ වයඹ ඩිස්ටන්ස් නාමය යටතේ ආරම්භ කර පවත්වාගෙන ගිය මත්පැන් ව්‍යාපාරයකට අදාළව රුපියල් මිලියන 580ක පමණ හිඟ බදු මුදලක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී සඳරුවන් මදනසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේදී ඊයේ(19) හෙළිදරව්වක් කළා. ඔහු සඳහන් කළේ ඒ අදාළ බදු මුදල ගෙවිමෙන් තොරව Royal Ceylon” නමින් මෙම ව්‍යාපාර නාමය වෙනස් කර ඇති බවයි. බදු අයකිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් […]
ආනයනික කිරිපිටි මිල ඉහළට

ආනයනික කිරි පිටි මිල ඉහළ දැමීමට තීරණය කර ඇති බව කිරි පිටි ආනයනකරුවන්ගේ සංසදය පවසයි. ඒ අනුව ග්‍රෑම් 400ක කිරි පිටි පැකට්ටුවක මිල රුපියල් 50කින් සහ කිලෝග්‍රෑම් 1ක කිරි පිටි පැකට්ටුවක මිල රුපියල් 125කින් ඉහළ දැමීමට තීරණය කළ බව එම සංසදය පැවසුවේය. වෙළෙඳපොළේ පවතින තත්ත්වය සහ විනිමය අනුපාත තත්ත්වයන් සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති […]
දරුවන්ට ලිංගිකත්වය වෙනස් කරන සැත්කම් සිදු කරන චෝදනාවට කාසල් රෝහල උත්තර බදී..

කාසල් වීදියේ කාන්තා රෝහලේදී දරුවන්ගේ ලිංගිකත්වය වෙනස් කරනු ලබන බව සමාජ මාධ්‍ය හරහා සංසරණය වන පුවත සාවද්‍ය කාසල් වීදියේ කාන්තා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා. එහිදී එතුමා සඳහන් කර ඇත්තේ එවැනි කිසිදු ක්‍රියාවක් මෙම රෝහලේදී සිදු නොවන බව රෝහල් අධ්‍යක්ෂක වශයෙන් වගකීමෙන් ප්‍රකාශ කරන බවයි. ඒ සඳහා […]
නීතිවිරෝධී රූපවාහිනී සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් වටලයි

ගල්කිස්ස – අත්තිඩිය පාර ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් තුළ නීති විරෝධීව පවත්වාගෙන ගිය රූපවාහිණී සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් වැටලූ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සහ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන්, මාලදිවයින ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙහි තිබී රුපියල් කෝටියකට ආසන්න සන්නිවේදන උපකරණ සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ. රත්මලාන ගුවන්තොටුපළට ආසන්නයේ පිහිටි ආරක්ෂිත කලාපයේ මෙය ස්ථාපිත කර තිබූ අතර, අත්අඩංගුවට […]