කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතා තමන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ දියත් වන මඩ ගැසීමේ සහ චරිත ඝාතන ව්‍යාපාරයක් සම්බන්ධයෙන් අද (26 ) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
එහිදි මාධ්‍යට අදහස් දැක්වූ ඇමතිවරයා කියා සිටියේ, මහජන ඡන්දයෙන් ප්‍රතික්ෂේප වූ පුද්ගලයින් දැන් පාර්ලිමේන්තු යනවා වෙනුවට යූටියුබ් වෙත යොමු වී ඇති බවත්, ඔවුන් තමන්ගේම යූටියුබ් චැනල් කිහිපයක් සාදාගෙන තම චරිත ඝාතනය කිරීම ආරම්භ කර ඇති බවත්ය.
මෙය දකුණු ඉන්දියාවේ චිත්‍රපටිවල හෝ දේශපාලන නාට්‍යවල මෙන් සැලසුම් සහගතව කරන ක්‍රියාවක් බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම මඩ ව්‍යාපාරය ආරම්භ වූයේ තමා “කන්ටේනර් 323ක කාරණාවකට සම්බන්ධයි” යන චෝදනාව පදනම් කරගෙන බව ඇමතිවරයා පැහැදිලි කළේය.
එහිදි ඇමතිවරයාගේ කරුණු පැහැදිලි කිරීම ට අනුව, නීති විරෝධී ලෙස වරායට ගෙනැවිත් තිබූ සහල් කන්ටේනර් පහක් නිදහස් කරගැනීමට නොහැකි වූ පුද්ගලයෙක් සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා සමඟ සම්බන්ධව තිබේ.
එම පුද්ගලයා ඉල්ලා ඇත්තේ හාල් කන්ටේනර් නිදහස් කරගැනීමට නොහැකි බැවින්, රජයේ භාරයට ගෙන නොමිලේ ජනතාවට බෙදා දෙන ලෙසයි.
ඇමතිවරයා මේ පිළිබඳව රේගු අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගෙන් තොරතුරු තහවුරු කරගෙන ඇත. ආනයන බලපත්‍ර නොමැතිව ගෙනා මේවා රාජ්‍ය සන්තක කිරීමට සිදුවන බවත්, නොමිලේ බෙදා දීමට වුවද ඩැමරේජ් සහ රේගු ගාස්තු වශයෙන් මිලියන 8.4ක් ගෙවීමට සිදුවන බවත් ඇමතිවරයා එම පුද්ගලයාට පැහැදිලි කර දී තිබේ.
ඇමතිවරයා සැක පළ කරන්නේ, හාල් නිදහස් කරගැනීමට නොහැකි වූ නිසා, එම පුද්ගලයා හිතාමතාම මෙම සිද්ධිය යූටියුබ් වෙත ලබා දුන්නාද යන්න පිළිබඳව පරීක්ෂා කළ යුතු බවයි. එසේම, එම පුද්ගලයා එක්සත් ජාතින්ගේ සංවිධානයක නමක් සහිත ලෙටර්හෙඩ් එකක් පාවිච්චි කර ඇති බැවින්, එහි නීත්‍යානුකූල භාවයද විමර්ශනය කරන ලෙස ඔහු පැමිණිල්ලට එක් කර ඇත.
ඇමතිවරයා අවධාරණය කළේ, මෙම පැමිණිල්ල CID පරීක්ෂණයෙන් නොනැවතී අපහස නඩුවක් දක්වාම යන බවයි.
කෙසේවෙතත් මෙම හඬපටය මාධ්‍යට නිකුත්කරමින් ගම්පහ සජබ සංවිධායක, හිටපු පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්ෂ නිශ්චිතවම ප්‍රශ්න කර සිටියේ, එය බලපත්‍ර නැතිව නීති විරෝධී ලෙස ගෙන්වන ලද සහල් තොගයක් නීති විරෝධී ලෙස වරායේ තිබූ භාණ්ඩ තොගයක් නිදහස් කිරීමකට අමාත්‍යවරයකු මැදිහත් වෙමින් දුරකථන ඇමතුම් ලබාදෙන හඬ පටයක් වීම පදනම් කරගෙනය.
පළමු ක්‍රියාවම නීති විරෝධී බැවින් ඒ හමුවේ කර්මාන්ත ඇමතිට ඇති කාර්‍ය භාරය ගැනය. රේගු ගාස්තු පවා නොගෙවා මුදා හැරීමක් සම්බන්ධව වන සාකච්ජාව පවා සැකසංකා උපදවන කාරණයක් සම්බන්ධවය.
එහිදි වරුණ රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ, අදාළ හඬපටය අමාත්‍යවරයකුගේ නම්, ඔහුව ඉවත් කිරීමට ජනාධිපතිවරයා එකඟ වන්නේ නම් එය ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට තමන් සූදානම් බවය.



