”නීතීඥවරුන්ගේ හෝ වෛද්‍යවරුන්ගේ හඳුනාගැනීමේ ලාංඡන ඉවත් කිරීමේ තීරණයක් නැහැ”

නීතීඥවරුන්ගේ හෝ වෛද්‍යවරුන්ගේ වාහන වල හඳුනාගැනීම සඳහා යොදන ලාංඡන සහිත ස්ටිකරය ඉවත් කිරීමට රජය පාර්ශවයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අ‌බේගුණවර්ධන මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසූයේ මෝටර් රථ දෙපාර්තුමේන්තුව හෝ පොලිසිය මේ සම්බන්ධ කිසිඳු තීරණයක් ගෙන නොමැති අතර හඳුනාගැනීමට යොදන විශේෂ ලාංඡන සහිත ස්ටිකරය භාවිතය එම සේවාවන්ගේ කාර්යයන් පහසු කිරීමට හේතුවක් වන බවයි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *