නොවැම්බර් 21 රැලියට පෙර නාමල් සුමන්තිරන් හමුවෙයි

ජාතික ජන බලවේග රජයට එරෙහිව විපක්ෂය විසින් සංවිධානය කිරීමට නියමිත මහජන රැලිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් හමුවූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

තම නිල X ගිණුමේ සටහනක් තබමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කර තිබේ.

එහිදි නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා සඳහන් කර ඇත්තේ මෙම සාකච්ඡාවේදී වත්මන් රජය තම පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වීම සහ ඉදිරි මහජන රැලියේදී විපක්ෂය ඉස්මතු කිරීමට අදහස් කරන ප්‍රධාන කරුණු කෙරෙහි අවධානය යොමු කළ බවයි.

කෙසේ වෙතත්, ITAK පක්ෂය මෙම විරෝධතා රැලියට සහභාගී නොවන බවද හෙතෙම සඳහන් කළේය. එසේ වුවද, විපක්ෂයේ ප්‍රධාන අංගයක් ලෙස ITAK පක්ෂය මෙම කාරණා පිළිබඳව දැනුවත් කිරීම වැදගත් වූ බව ඔහු අවධාරණය කර ඇත.

මෙම හමුවේදී සාකච්ඡා වූ තවත් වැදගත් කරුණක් නම් දිගු කලක් ප්‍රමාද වී ඇති පළාත් සභා මැතිවරණයයි.

මන්ත‍්‍රීවරයා එහිදි සඳහන් කර ඇත්තේ තමා සහ සුමන්තිරන් මහතා යන දෙදෙනාම තවදුරටත් කල් දැමීමකින් තොරව මෙම මැතිවරණය පැවැත්වීමේ අවශ්‍යතාවය පිළිබඳව එකඟ වූ බවයි. පළාත් පාලන ආයතන ශක්තිමත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව මෙම මැතිවරණ පැවැත්වීම අත්‍යවශ්‍ය බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *