රනිල්ගේ ආරාධනා පතේ ඇත්ත නැත්ත හොයන්න CID එක එංගලන්තයට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයෙන් ලැබුණු ආරාධනා පත්‍රයක සත්‍යතාව විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම්දීමකින් තොරව එක්සත් රාජධානිය (UK) බලා පිටත්ව ගොස් ඇති බව ‘සන්ඩේ ටයිම්ස්’ වාර්තා කරයි. ඒ අනුව මෙම විමර්ශන කණ්ඩායමේ පිටත්ව යාම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව දැනුවත් කර නොමැති බව මෙන්ම විමර්ශනය භාර ජ්‍යෙෂ්ඨ […]

නතරවී තිබූ රියදුරු බලපත්‍ර මුද්‍රණ කටයුතු යළි ඇරඹෙයි

මුද්‍රණ කාඩ්පත් නොමැති වීම හේතුවෙන් නවතා තිබූ රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කටයුතු යළි ආරම්භ කර තිබේ. පසුගිය සතියේ සිට එම කටයුතු ආරම්භ කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒ අනුව දෛණිකව රියදුරු බලපත්‍ර 6,000ක් පමණ මුද්‍රණය කිරීමට සැළසුම් කර ඇත. රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය කාඩ්පත් නොමැති වීම හේතුවෙන් පසුගිය කාලයේ […]

කාසියේ වාසිය පාකිස්තානයට

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර අද (16) පැවැත්වෙන අවසන් එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තාන නායක ෂහීන් ෂා අෆ්රිඩි පළමුව පන්දු යැවීමට තීරණය කළේය. අද තරගයේ දී ශ්‍රී ලංකා නායකයා ඇතුළුව වෙනස්කම් 4ක් සිදුව තිබේ. ඒ අනුව නිත්‍ය නායක චරිත් අසලංක වෙනුවට කුසල් මෙන්ඩිස් කණ්ඩායම් නායක ලෙස කටයුතු කරනු ලබයි. දෙරට අතර තරග 3කින් […]

ශ්‍රී ලංකා – පාකිස්තාන අවසන් එක්දින තරගය අද

ශ්‍රී ලංකා පාකිස්තාන තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද රාවල්පිණ්ඩි ක්‍රිඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. මුල් තරග 2 පරාජය වී තරඟාවලි පරාජයක් ලබා සිටින ශ්‍රි ලංකා කණ්ඩායම පූර්ණ තරඟාවලි පරාජයකින් වැළැකීමට අද තරගයේ ජයග්‍රහණය තීරණාත්මක වනවා. අද තරගයේදී ශ්‍රි ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුකරනු ඇතිබව වාර්තා වනවා. පවන් රත්නායක, ලහිරු උදාර සහ එෂාන් මාලිංග කණ්ඩායමට කැඳවීමට […]

ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියන 5ක වන්දි ඉල්ලයි

තමා විසින් කරන ලද කතාවක් සංස්කරණය කර වාර්තා චිත්‍රපටයක් නිෂ්පාදනය කර නරඹන්නන් නොමඟ යැවීම හේතුවෙන් එළඹෙන සතියේ BBC ආයතනයට එරෙහිව ඩොලර් බිලියන 1-5ත් අතර වන්දි ඉල්ලමින් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. පෙරේදා(14) සවස එයාර් ෆෝස් වන් ගුවන් යානයේදී මාධ්‍යවේදීන් අමතමින් ට්‍රම්ප් මේ බව ප්‍රකාශ කර තිබු අතර මෙම සංස්කරණය හේතුවෙන් […]

කමිඳු සහ එෂාන් තවදුරටත් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමග

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම IPL 2026 සඳහා කමිඳු මෙන්ඩිස් සහ එෂාන් මාලිංග තම කණ්ඩායමේම රඳවා ගැනීමට තීරණය කර තිබෙනවා. ඔවුන්ට අමතරව, පැට් කමින්ස්, ට්‍රැවිස් හෙඩ්, අභිෂේක් ෂර්මා වැනි ක්‍රීඩකයින් රැසක් එම කණ්ඩායමේ රඳවා ගැනීමටයි තීරණය කර තිබෙන්නේ. මෑත කාලීන තරගාවලිවල ඔවුන්ගේ දක්ෂතා මත මෙම රඳවා ගැනිම් සහ ඉවත් කිරීම් සිදු වී ඇති බවයි සඳහන් වන්නේ. එම […]

මතීශ පතිරණ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමෙන් නිදහස්

චෙන්නායි සුපර් කිංග්ස් (CSK) කණ්ඩායම විසින් 2026 IPL තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මතීශ පතිරණ තම සංචිතයෙන් නිදහස් කිරීමට තීරණය කර තිබෙන බවට විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා. විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ, 2023 IPL තරගාවලියට පෙර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් ඔහුව මිලදී ගෙන පසුගිය වසරේ ඔහුව රුපියල් කෝටි 13කට […]

“මම රජයට එකතු වෙන්නේ නැහැ.. නමුත් මම එහි මාවතට සහාය දෙනවා”

සීමිත ආර්ථික දියුණුවක් තිබියදීත් දූෂණයට එරෙහි වත්මන් රජයේ ස්ථාවරය උපුටා දක්වමින් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ෆොන්සේකා මහතා පැවසුවේ ආර්ථිකයේ විශාල වෙනසක් දක්නට නොලැබුණත්, දූෂණය මැඩපැවැත්වීම සඳහා රජයේ ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග සහ වැරදි චෝදනා ලැබූ පුද්ගලයින් ආරක්ෂා කිරීම ප්‍රතික්ෂේප කිරීම අගය කරන බවයි. 21 වන දින පැවැත්වීමට නියමිත විපක්ෂ රැලියට […]

GMOA වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණයක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් හෙට (17) දිනයේදී වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර තිබේ. 2026 වසරට අදාළව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති අයවැය තුළින් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටළු නිසියාකාරව විසඳීමට අපොහොසත් වීමට විරෝධය පළ කරමින් ඔවුන් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට එළැඹීමට තීරණය කර ඇත. එම සංගමය පැවසුවේ මේ සම්බන්ධව රජයේ පාර්ශ්වයන් දැනුවත් කළ […]

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු සිව් දෙනෙකුට ස්ථාන මාරු

පොලිස් පරිපාලන අංශය භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක , විනය ක්‍රියාමාර්ග බලාපොරොත්තුවෙන් ජාතික පොලිස් කොමිසම විසින් එම තනතුරෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත්, ලලිත් පතිනායක මහතා මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස දිගටම කටයුතු කරනු ඇත. පතිනායක මහතා ඉවත් කිරීමෙන් පසු පුරප්පාඩු වූ පොලිස් පරිපාලන අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය […]