පහරකෑමට ලක්වූ අවුරුදු 14ක දරුවෙකු මරුට

නූරිය පොලිස් වසමේ නූරියවත්ත 02 කොටසෙහි පදිංචිව සිටි වයස අවුරුදු 14ක පිරිමි දරුවෙකුට පහරදී ඝාතන කර ඇති බවට වූ තොරතුරක් සම්බන්ධයෙන් නූරිය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

අදාළ සිද්ධියට මුහුණ පෑ දරුවාට පහරදෙන බවට නූරිය පොලිස් ස්ථානයට ඊයේ (2) රාත්‍රියේ පණිවුඩයක් ලැබී ඇත.

ඒ අනුව ‍වහාම ක්‍රියාත්මක වූ පොලිසිය සිද්ධිය වූ ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී පිරිමි ළමයෙකු නිවසක් අසල වැටී සිට ඇත.

එහිදී එම දරුවා නූරිය රෝහලට ඇතුළත් කර ඇති අතර, ඒ වනවිටත් දරුවා මියගොස් සිටි බවට රෝහල් වෛද්‍යවරයා විසින් තහවුරු කර තිබේ.

ඒ අනුව මෙම මරණය සැකකටයුතු බැවින් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය අවිස්සාවේල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. 

මරණයට සැකපිට දරුවාගේ පියා නූරිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *