මන්නාරම් වෙඩි තැබිමේ ප්‍රධාන සැකකරුට රැඳවුම් නියෝග

මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට පසුගිය වසරේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු, දින 90ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මන්නාරම අධිකරණය අවසර ලබාදී තිබේ. මීට පෙර අඩම්පන් ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියකටද මොහුගේ සම්බන්ධයක් ඇති බවට සැකකිරීම හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මෙම විමර්ශනය භාරදී තිබූ බව අධිකරණ වාර්තාකරු සඳහන් කළේය. […]
ෂෙහාන් ජයසූරිය අමෙරිකානු T20 ලෝක කුසලානය සංචිතයට

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ෂෙහාන් ජයසූරිය අමෙරිකා එක්සත් ජනපද ලෝක කුසලාන සංචිතයට කැඳවා තිබේ. ෂෙහාන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්දින තරග 12ක් සහ විස්සයි20 ජාත්‍යන්තර තරග 18ක් ක්‍රීඩා කර ඇති අතර ඉනිම 10කදී එක්දින ලකුණු 195ක් රැස්කර ඇත. විස්සයි20 ජාත්‍යන්තර ලකුණු 241ක් ඉනිම 16කදී ලබාගෙන ඇති බව සඳහන්ය. පළමු පෙළ තරග 87කදී, […]
මෙක්සිකෝවට ප්‍රබල භූමිකම්පාවක්

මෙක්සිකෝවේ දකුණු සහ මධ්‍යම ප්‍රදේශයන්ට එරට වේලාවෙන් ඊයේ (2) රාත්‍රියේ රික්ටර් මාපකයේ 6.5ක ප්‍රබල භූමිකම්පාවක් ඇතිව තිබේ. එරට ජාතික භූ කම්පන විද්‍යා ඒජන්සියට පවසා සිටියේ, ඒ හේතුවෙන් පසු කම්පන 500කට වඩා ඇතිවූ බවය. භූමිකම්පාවේ කේන්ද්‍රය ගුවෙරෙරෝ හි සැන් මාකෝස් නගරය අසල පැසිෆික් වෙරළබඩ නිකේතනයක් වන ඇකපුල්කෝ අසල පිහිටා තිබේ. ඒ හේතුවෙන් ඇකපුල්කෝ අවට සහ ප්‍රාන්තයේ […]
පහරකෑමට ලක්වූ අවුරුදු 14ක දරුවෙකු මරුට

නූරිය පොලිස් වසමේ නූරියවත්ත 02 කොටසෙහි පදිංචිව සිටි වයස අවුරුදු 14ක පිරිමි දරුවෙකුට පහරදී ඝාතන කර ඇති බවට වූ තොරතුරක් සම්බන්ධයෙන් නූරිය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. අදාළ සිද්ධියට මුහුණ පෑ දරුවාට පහරදෙන බවට නූරිය පොලිස් ස්ථානයට ඊයේ (2) රාත්‍රියේ පණිවුඩයක් ලැබී ඇත. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිසිය සිද්ධිය වූ ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී […]
“අනුර කුමාර ඉල්ලා අස්වෙන ඕනෑම වේලාවක නාමල් සූදානම් මේ රට භාරගන්න..”

ඉංග්‍රීසි භාෂාවට අදාල 6 වන ශ්‍රේණියේ මොඩියුලය සම්බන්ධ ප්‍රශ්නය ආණ්ඩුවට වැරදුන පසු ආණ්ඩුව එය නිලධාරීන් පිට පටවා බේරීමට උත්සාහ දරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර ප්‍රකාශ කරනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ (02) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්. වරද්ද ගන්නේ නැති වැඩ ආණ්ඩුවේ පැත්තට ලබාගෙන එහි වාසිය ලබාගන්නා […]
හොර ආලේපන විකුණූ නිළි සචිනිගේ සමාගමට දඩ

ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) අනුමැතිය තිබෙන බවට ව්‍යාජ ලෙස ලේබලයේ සඳහන් කර හිසකෙස් ආලේපන වර්ගයක් (Hair Miracle) මාර්ගගත (Online) ක්‍රමයට අලෙවි කළ ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක් වන සචිනි අයේන්ද්‍රාට අයත් සමාගමක් ඇතුළු සමාගම් දෙකකට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 40,000 දඩ මුදලක් නියම කර තිබෙනවා. අන්තර්ජාලය ඔස්සේ මාර්ගගත ක්‍රමයට මෙම හිසකෙස් ආලේපන වර්ගය අලෙවි කරමින් පැවැති […]
දුරුතු පුර පසළොස්වක පොහොය අදයි

ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රාශියක් සිදු වූ වසරේ පළමු පොහොය හෙවත් දුරුතු පුන් පසළොස්වක පොහොය දිනය අදට (03) යෙදී තිබෙනවා. දුරුතු පොහොය වැදගත් වෙන්නේ බුදුන් වහන්සේ ලංකාවට පළමු වරට වැඩියේ දුරුතු පොහොය දිනයේ වන නිසායි. ඒ මහියංගණයෙහි පිහිටි “මහානාග” නම් උයනේ යක්ෂ සහ නාග ගෝත්‍රිකයන් දෙපිරිසක් අතර ගටගෙන තිබූ අරගලය සමථයට පත්කිරීම සඳහායි. බුදුන් වහන්සේ […]
කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

අඹතලේ සිට දෙහිවල දක්වා ජලය සපයන ප්‍රධාන ජල සැපයුම් මාර්ගයේ හදිසි බිදවැටීමක් හේතුවෙන් අද (3) කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුව තිබේ. ඒ අනුව මොරටුව, රාවතාවත්ත, සොයිසා පුර, රත්මලාන, ගල්කිස්ස,දෙහිවල,වැල්ලවත්ත, පාමංකඩ, මුල්ලේරියාව, කොළොන්නාව යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇත. ඊට අමතරව බත්තරමුල්ල ප්‍රදේශයට අඩු පීඩන තත්ත්වය යටතේ ජලය සැපයීම සිදුවේ. කෙසේ නමුත් හදිසි බිදවැටීම […]