ප්‍රබල භූ කම්පනයක් – සුනාමි අවදානමක් නැහැ

ඉන්දුනීසියාවේ, උතුරු සුමාත්‍රා හි රික්ටර් මාපාංක 6.6ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක් හටගෙන තිබේ.

නිවේදනයක් නිකුත් කරමින්, ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ, ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල සහ ඒ ආසන්නයේ ජීවත් වන ජනතාවට මේ සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටින ලෙසය.

ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද (27) උදෑසන 10.26ට මෙම භූකම්පනය හට ගෙන ඇත්තේ කිලෝමීටර් 25ක් ගැඹුරිනි.

නිවේදනයක් නිකුත් කරමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සුනාමි අවදානමක් නොමැති බවය.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *