ඉෂාරා සෙව්වන්දි ඇතුළු පසුගිය කාලයේ දී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන් සහ ඊට සම්බන්ධ පිරිසගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ පාතාලය හා සම්බන්ධ දේශපාලකයන් ගැන තොරතුරු අනාවරණය වී ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
අද (18) පාර්ලිමේන්තු අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, ඒ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බවය.
එසේම, තවත් සංවිධානාත්මක අපරාධකරුන්ව 80කට රතු නිවේදන නිකුත් කර ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසිය සමග මේ වනවිටත් කටයුතු කරමින් සිටින බව අමාත්‍යවරයා කියා සිටියේය.
පසුගියදා ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන් බව පැවසෙන පිරිසගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ අගෝස්තු 30වන දිනෙන් පසුව T56 ගිනිඅවි 07ක්, T81 ගිනිඅවි එකක්, පිස්තෝල 06ක්, රිවෝල්වර 09ක්, වෙනත් අවි දෙකක් සහ උණ්ඩ 909ක් ද සොයාගත් බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
මීට අමතරව ජනවාරි පළමු වෙනදා සිට මේ දක්වා ගෙවී ගිය කාලය තුළ ටොන් 20කට වැඩි ප්‍රමාණයක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇති බවද මහජන ආරක්ෂක අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කළා.
“රටම එකට මත්ද්‍රව්‍ය නිවාරණය මේ වනවිට අපි ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒකෙදි ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. මේ රටට මත්ද්‍රව්‍ය සැපයුම් ජාලය අඩපණ කිරීම එනම් මත්ද්‍රව්‍ය රටට තුළට ගලා ඒම අඩපණකිරීම සඳහා ත්‍රිවිධ හමුදාව විශේෂයෙන් නාවික හමුදාව මේ වෙලාවේ ස්තූතිය පලකරන්න ඕනේ. ඒ වගේම පොලිස් දෙපාර්තමේන්තු විශේෂ කාර්ය බළකාය, ආරක්ෂක අංශ එකතුවෙලා සක්‍රීය ලෙස දායක වෙමින් සාර්ථක මෙහෙයුම් ක්‍රියාත්ම කරමින් තියෙනවා. ජනවාරි පළමු වෙනිදා සිට මේ දක්වා මේ ගිවී ගිය මාස 10ක නැත්නම් 11ක කාලය තුළ ග්‍රෑම්වලින් නෙමෙයි කිලෝ ග්‍රෑම්වලින් නෙමෙයි ටොන් 20කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගන්න ඒ නිලධාරීන් සමත්වෙලා තියෙනවා. ග්‍රෑම්වලිින් කතා කළේ, කිලෝවලින් කතා කළේ, පසුගිය කාලය පුරාම අවුරුදු ගණනක් මේ රටේ දේශපාලකයෝ සහ සංවිධානාත්මක අපරාධකරුවන් හා සම්බන්ධ වෙමින් කරගෙන ගිය ජාවාරම්වල ප්‍රතිඵලක් වශයෙන් මේ රටට මත්ද්‍රව්‍ය සැපයුම් ජාලාවක් බවට පරිවර්ථනය වෙලා තිබුණා. ඒ මත්ද්‍රව්‍ය දැන් සක්‍රීයා ලෙස අත්අඩංගුවට ගනිමින් ඉන්නවා. ඒ වගේම මේ රටට මත්ද්‍රව්‍ය සැපයීම මුහුද හරහා සිදුවන සියලුම අවස්ථාවල නාවික හමුදාව සක්‍රීය දායකවෙමින් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් ඉන්නවා.”



