පාර්ලිමේන්තුවේ කතානායක කාර්යාලයට නාගයෙක් ඇවිත්

පාර්ලිමේන්තුවේ කතානායක කාර්යාලයට පසුගියදා නාගයෙක් පැමිණ ඇත්තේ බැද්දගාන තෙත්බිම් රක්ෂිතයෙන් බව අනාවරණය කරගෙන තිබෙනවා.

මෙම රක්ෂිතයේ සිට දියවන්නා ඔය හරහා පිහිනා පැමිණි මෙම නාගයා පාර්ලිමේන්තු භූමියට ඇතුළු වී පාර්ලිමේන්තුවේ ගොඩනැගිලිවල තිබෙන රළු බිත්ති දිගේ ඉහළට නැග දෙවැනි මහලේ පිහිටි කතානායක කාර්යාලයට පැමිණ ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.

මෙම නාගයා දැක ගැනීමෙන් පසුව ආරක්ෂක අංශ සහ පාර්ලිමේන්තුවේ උද්‍යාන අංශයේ නිලධාරීන් විසින් සුරක්ෂිතව මෙම නාගයා රැගෙන නාවික හමුදාවේ බෝට්ටුවක් මගින් යළිත් එම රක්ෂිතයටම ගොස් දමා තිබෙනවා.

පාර්ලිමේන්තුව පිහිටා තිබෙන්නේ තෙත්බිම් රක්ෂිතය අසල නිසා දියවන්නා ඔය හරහා මෙසේ සර්පයින් පැමිණෙන බවයි දැනගන්නට ලැබෙන්නේ.

මේ අතර අද(20) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද මේ සම්බන්ධයෙන් කතානායකවරයාගෙන් විමසීමක් කළා.

කථානායක කාර්යාලයට නාගයෙක් පැමිණ ඇති බවත් එම නාගයා කථානායකතුමාට දෂ්ඨ කළා නම් ලොකු ප්‍රශ්නයක් ඇති වන බවත් එම නිසා ආරක්ෂාව ගැන සැළකිලිමත් වන ලෙසද ඔහු ඉල්ලා සිටියා.

ඔහු පැවසුවේ ඇන්ටි වෙනම් ඖෂධය පාර්ලිමේන්තුවේ තිබෙනවාද කියායි.

මොකද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද පාර්ලිමේන්තුවේ සිටින සියලු දෙනාද සර්පයින්ගෙන් ආරක්ෂා විය යුතු බවද සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *