පාර්ලිමේන්තුව ඇතුළෙන් අයිස් බිස්නස් ?

පාර්ලිමේන්තු සංකීර්ණය තුළ මත්පැන්, සිගරැට් සහ ‘අයිස්’ වැනි මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයින් සම්බන්ධයෙන් දැඩි විනය පියවර ගැනීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් සොයා බලා වහාම ක්‍රියාත්මක වන පරිදි අවශ්‍ය පියවර ගන්නා ලෙස ඔහු අදාළ බලධාරීන් වෙත දැනටමත් නියෝග නිකුත් කර ඇති බව වාර්තා වේ.

භෝජනාගාරය ඇතුළු සංකීර්ණයේ අංශ කිහිපයක සේවකයන් විසින් රහසිගතව මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිත කරන බවට ලැබුණු තොරතුරු මත මෙම පියවර ගෙන ඇති අතර, පාර්ලිමේන්තු නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ විමර්ශනයකදී මෙම කරුණු තහවුරු වී තිබේ.

ඊට අමතරව, විදේශීය නිෂ්පාදිත සිගරැට් වර්ග පාර්ලිමේන්තුව තුළ අලෙවි කරන සේවකයන් පිරිසක් පිළිබඳව ද තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන්ය.

මෙවැනි විනය විරෝධී ක්‍රියා මැඩපැවැත්වීමට නිසි පියවර නොගෙන ඒවා වර්ධනය වීමට ඉඩහැරීම සම්බන්ධයෙන් කථානායකවරයා අංශ ප්‍රධානීන්ට සිය අප්‍රසාදය පළ කර ඇති අතර, මීට පෙර ද මත්ද්‍රව්‍ය භාවිත කළ සේවකයන් පිරිසක් හඳුනාගෙන ඔවුන් සේවයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සහ විනය ආරක්ෂා කිරීම සඳහා මෙම පියවර තවදුරටත් තහවුරු කිරීමට අපේක්ෂා කෙරේ.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *