පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වෙයි

සමගි ජන බලවේගය නියෝජනය කළ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉස්මයිල් මුත්තු මොහොමඩ් සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව අද (28) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් දැනුම් දුන්නේය.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ, පක්ෂයේ තීන්දුව අනුව, පක්ෂ නායකත්වය පාවා නොදී තමා මෙම තීරණය ගත් බවයි.

ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට තේරී පත් වූ මුත්තු මොහොමඩ් මහතාගේ ඉල්ලා අස්වීමත් සමඟ, සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා නව පත්කිරීමක් සිදු කිරීමට නියමිතය.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *