පාසල් වෑන් රථ සඳහා ලබන වසරේ සිට CCTV

පාසල් වෑන් රථ සඳහා සීසීටීවී පද්ධති අනිවාර්ය කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

අද පාර්ලිමේන්තුව අමතමින් ඔහු සඳහන් කර සිටියේ ප්‍රවාහනය තුළ කාන්තාවන්ට හා දරුවන්ට සිදුවන හිරිහැර වැඩි වී ඇති බවත් ඉදිරියේ දී එය අවම කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට තම රජය කටයුතු කරන බවත් ය.

එමෙන්ම පාසල් ප්‍රවාහන සේවා සඳහා සහ කාර්යාල ප්‍රවාහන සේවා සඳහා මාර්ගෝපදේශ මාලාවක් ජනවාරි මාසයේ සිට හඳුන්වා දීමට ද කටයුතු කරන බව අමත්‍යවරයා මෙහිදී පැවසීය. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා,
”මේකට තියෙන එකම උත්තරය තමයි මගීන් ශක්තිමත් කරන එක. කාන්තාවකට හරි දරුවෙක්ට හරි අතවරයක් කරන්න කවුරුහරි උත්සාහ කරනවා නම් ඒක නොදැක්කා වගේ ඉන්නේ නැතුව ඒකට එරෙහිව කටයුතු කරන මිනිස්සු අවශ්‍යයි. ගැහැණු හරි පිරිමි හරි. නමුත් වෙලා තියෙන්නේ අපේ බස් කර්මාන්තයේ තිබෙන සමහර නපුරු තත්වයන් නිසා මිනිස්සු බයයි තව කෙනෙක් වෙනුවෙන් ඉදිරිපත් වෙන්න. ඒ නිසා බස් කර්මාන්තය වෘත්තිමය මට්ටමට ගේන එක ත්‍රිරෝද රථ කර්මාන්තය වෘත්තීය මට්ටමට ගේන එක මං හිතනවා ඔරේන්ජ් කලර් එක රෙඩ් පැත්තට යන්නේ නැතිව ග්‍රීන් පැත්තට ගේන්න අපි ගන්න උත්සාහයක් කියලා”

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *