පුද්ගලයන් 269 දෙනෙකු ඝාතනය කළ පාස්කු බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් පොලිසිය ප්‍රශ්න කරන ලද සැකකරුවෙකු එක්සත් රාජධානියේ (UK) සරණාගතභාවය ඉල්ලා ඇති බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරනවා.
මෙම පුද්ගලයා ශ්‍රී ලංකාවෙන් එරටට පැමිණි අයෙක් වන අතර, ඔහුගේ නම මාධ්‍යට හෙළිකර නොමැත.
2019 පාස්කු ප්‍රහාරවලට සම්බන්ධ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරීමෙන් පසු 2022 වසරේදී ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් තිබෙනවා.
ඔහු 2022 සැප්තැම්බර් මාසයේදී එක්සත් රාජධානියට පැමිණ මාසයකට පසු සරණාගතභාවය ඉල්ලා තිබෙනවා.
මේ පුද්ගලයා ආගමන විනිශ්චය සභාව (immigration tribunal) වෙත පවසා ඇත්තේ ශ්‍රී ලංකාවෙන් පිටව ගිය පසු පොලිස් නිලධාරීන් තම පවුලේ නිවසට පැමිණි බවත්, ආපසු පැමිණියහොත් තමාට “පීඩාවට ලක්වීමට ඇති බියක්” ඇති බවයි.
මේ අතර ඔහුට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි ඔහු පවසා ඇත්තේ.
ඔහුගේ සහ බිරිඳගේ සරණාගත අයදුම්පත මුලින් ප්‍රතික්ෂේප කර ඇතත්, ඔහු ඉහළ ආගමන විනිශ්චය සභාව (upper immigration tribunal) හමුවේ අභියාචනයක් ඉදිරිපත් කර ඇති අතර ඔහුගේ නඩුව නැවත විභාගයට ගැනීමට නියමිතයි.
මේ සම්බන්ධයෙන් එරට ප්‍රකාශකයෙකු පැවසුවේ, “මෙම සැකකාර ත්‍රස්තවාදියා කිසිදා බ්‍රිතාන්‍ය භූමියට පය නොතබන බවට සහතික වීම සඳහා රජය මෙම සරණාගත අයදුම්පත ප්‍රතික්ෂේප කළා. අපි මෙම තීරණය අධිකරණය හරහා දැඩි ලෙස ආරක්ෂා කරනවා” යනුවෙන්.
මෙම ප්‍රහාර මාලාවෙන් බ්‍රිතාන්‍ය ජාතිකයන් හය දෙනෙකු ඇතුළුව පුද්ගලයන් 269 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර විදේශීය සංචාරකයන් 38 දෙනෙක් මිය ගියා.
මරාගෙන මැරෙන බෝම්බකරුවන් අට දෙනා National Thowheeth Jama’ath නම් ඉස්ලාම් සටන්කාමී කණ්ඩායමක් සමග සම්බන්ධ වූ බවට විශ්වාස කෙරෙනවා.
එක්සත් රාජධානියේ නව සරණාගත ප්‍රතිසංස්කරණ පිළිබඳව ක්‍රමවේදය සඳහා ප්‍රධාන ප්‍රතිසංස්කරණ පසුගිය සතියේ නිවේදනය කළා.
සරණාගත තත්ත්වය තාවකාලික කිරීම සහ රට ආරක්ෂිත යැයි සලකන විට සංක්‍රමණිකයන් තම මව් රටවලට ආපසු යැවීමට අමාත්‍යවරුන්ට බලතල ලබා දීම මෙයට ඇතුළත්.
මේ අතර අදාළ නඩුවේ කරුණු නැවත විභාගයට ගැනීමට නියමිතයි.



