පෑනක් වගේ ගිනි අවියක් ගාල්ලෙන් එළියට

පෑනක හැඩයකට සැකසූ විදේශීය රටක නිෂ්පාදනය කරන ලද අර්ධ ස්වයංක්‍රීය ගිනි අවියක් සහ ඊට යොදන උණ්ඩ දෙකක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගාල්ල, මාපලගම මධ්‍යම ප්‍රදේශයේදි මොහු ඊයේ(06) අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු විසිතුන් හැවිරිදි වියේ පසුවන අතර ගිනි අවියක් සමඟ මීට පෙරද එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබුණා.

සැකකරුට පෑනක හැඩයකට සැකසූ විදේශීය රටක නිෂ්පාදනය කරන ලද ගිනි අවිය ලැබුණේ කෙසේද යන්න පිළිබදව මෙතෙක් තොරතුරු අනාවරණය වී නැහැ.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *