ජුලම්පිටිය අමරේගේ ඇපෑල විභාගයට නොගෙනම ඉවතට

පුද්ගල ඝාතන චෝදනාවට වරදකරු වී මරණීය දණ්ඩනය නියම වී සිටින ජී. ජී. අමරසිරි හෙවත් ‘ජුලම්පිටිය අමරේ’ නැමැත්තාට පනවා තිබූ මරණීය දණ්ඩනයට එරෙහිව ඔහු විසින් ඉදිරිපත් කළ ඇපෑල ශ්රේෂ්ඨාධිකරණය විසින් අද (07) විභාගයට නොගෙනම නිෂ්ප්රභ කොට තිබේ. 2012 වසරේ කටුවන ප්රදේශයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට කඩා වැදී වෙඩිතබා පුද්ගලයින් දෙදෙනකු මරා දමා තවත් අයෙකුට මරණීය […]
තැපැල්පතිගේ OT ප්රකාශය දුරදිග යයි – තැපැල් දෙපාර්තමේන්තුව කෝපා කමිටුවට

තැපැල් දෙපාර්තමේන්තුවේ අතිකාල දීමනා(OT) සම්බන්ධයෙන් මතුවී ඇති සියලුම කරුණු ගැන අවධානය යොමු කොට තැපැල් දෙපාර්තමේන්තුව ඉදිරි කාලයේදී පාර්ලිමේන්තුවේ රාජ්ය ගිණුම් කාරක සභාව (කෝපා) වෙත කැඳවීමට නියමිත බව වාර්තා වේ. කෝපා කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්තී කබීර් හෂීම්ගේ අවධානය මේ සඳහා යොමු වී ඇති අතර මේ පිළිබඳව විගණකාධිපතිවරයාගෙන් ඉදිරියේදී වාර්තාවක් කැඳවීමට කෝපා කමිටුවේ අවධානය යොමු වී ඇති […]
අභිෂේක් දිනූ සුඛෝපභෝගී මෝටර් රථයත් ඩුබායිවල හිරවෙයි

රිකට් ක්රීඩක අභිෂේක් ෂර්මා 2025 ආසියානු කුසලාන තරගාවලියේ වටිනාම ක්රීඩකයා ලෙස දිනාගත් සුඛෝපභෝගී Haval H9 SUV වර්ගයේ මෝටර් රථය ඉන්දියාවට ගෙන ඒම නීතිමය හේතූන් මත තහනම් වී ඇති බව ඉන්දීය මාධ්ය වාර්තා කරනවා. ඉනිම හතක දී ලකුණු 314ක් රැස් කළ අභිෂේක්ට මෙම සම්මානය සහ මෝටර් රථයේ යතුරු හිමි වුණා. තරගාවලිය පැවති ඩුබායිහිදී ඔහු මෝටර් රථය […]
ගලගෙදර සමූපකාරයේ අධ්යක්ෂ මණ්ඩල නිලවරණයේ ජය ඒකාබද්ධ විපක්ෂයට

මහනුවර – ගලගෙදර විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්යක්ෂ මණ්ඩලය තෝරා ගැනීම සඳහා වූ නිලවරණයේදී සමගි ජන බලවේගය ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ කණ්ඩායම විසින් සියලු අධ්යක්ෂ මණ්ඩල තනතුරු ජයග්රහණය කර තිබෙනවා. මෙම සමූපකාර සමිතියේ ධූර සංඛ්යාව හතක් වන අතර එම ධූර හතම සමගි ජන බලවේගය ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම දිනා ගැනීම විශේෂත්වයක්. එමෙන්ම, මහනුවර – […]
වැඩතහනම් කළ විනිසුරුවරුන්ට දීමනා කප්පාදුවක්

අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් වැඩතහනමට ලක්වූ විනිසුරුවරුන් සඳහා අඩ වැටුප් ගෙවීමේදී හිමි දීමනා කිහිපයක් නොගෙවීමට තීරණය කර ඇති බව වාර්තා වේ. විවිධ චෝදනාවලට ලක්වූ විනිසුරුවරුන්ගේ වැඩ තහනම් කිරීමට අධිකරණ සේවා කොමිසම පසුගියදා පියවර ගෙන තිබූ අතර, ඒ අනුව ඔවුන්ට අඩ වැටුප් ගෙවීමක් සිදුකිරීමට තීරණය විය. මෙම අඩ වැටුප් සමග ගෙවිය යුතු දීමනා සම්බන්ධයෙන් අධිකරණ […]
සෘජු විදෙස් ආයෝජන හොඳටම මදි – ලෝක බැංකුව අනතුරු අඟවයි

මෙරට ඍජු විදෙස් ආයෝජන 1.5%ක මට්ටමේ පැවතිය යුතු නමුත් ළඟාකරගෙන ඇත්තේ 0.5%ක් තරම් ඉතා අඩු අගයක් බව ලෝක බැංකුව පවසනවා. එහි නියෝජිතයින් අවධාරණය කරන්නේ මෙරට ආර්ථික ඉලක්ක සපුරා ගැනීම සඳහා විදේශීය සෘජු ආයෝජන (FDI) ඉහළ මට්ටමකට ගෙනඒමට කඩිනම් ව්යුහාත්මක ප්රතිසංස්කරණ ක්රියාත්මක කරන ලෙසයි. රටේ වත්මන් FDI ගලා ඒම දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 0.5 ක් […]
පාසල් අතර අසමානතාව අවම කිරීම අධ්යාපන ප්රතිසංස්කරණයේ මූලික අරමුණක් – අගමැති

පාසල් අතර අසමානතාව අවමකර, දරුවන්ට ලැබීය යුතු අධ්යාපන අත්දැකීම්වල ගුණාත්මකභාවය ඉහළ දැමීම මෙම අධ්යාපන ප්රතිසංස්කරණයේ මූලික අරමුණ බව අධ්යාපන, උසස් අධ්යාපන හා වෘත්තීය අධ්යාපන අමාත්ය අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. පාසල් අතර අසමානතාව හේතුවෙන් ශ්රී ලංකාවේ අධ්යාපන ක්ෂේත්රයේ පාසල් පද්ධතිය තුළ දශක ගණනාවක් තිස්සේ මුහුණ දීමට සිදුව ඇති විවිධ ගැටලු නිර්මාණය වී ඇති අතර බරපතල […]
හිටපු ජනාපතිවරුන්ගේ හිමිකම් පනතට ආරක්ෂාව අදාළ නෑ -ඇමති විජේපාල

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අහෝසි කළ ද, ඒ යටතට ඔවුන්ගේ ආරක්ෂාව සඳහා අවශ්ය කටයුතු නොගැනෙන බව මහජන ආරක්ෂක අමාත්ය ආනන්ද විජේපාල මහතා පැවසීය. අද (07) පාර්ලිමේන්තුවේ දී අමාත්යවරයා මේ බව ප්රකාශ කළේය. අමාත්යාංශ නිවේදනයක් ඉදිරිපත් කරමින් අමාත්යවරයා ප්රකාශ කළේ, විශ්රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනතට ආරක්ෂාව අයත් නොවන බවයි. හිමිකම් පනත අනුව භුක්තිවිඳි සමහර හිමිකම් ආපසු භාරදීමට […]
වෛද්ය විද්යාව සඳහා නොබෙල් ත්යාගය විද්යාඥයින් තිදෙනෙකුට !

ඇමරිකානු ජාතිකයන් වන මේරි බ්රන්කොව්, ෆ්රෙඩ් රැම්ස්ඩෙල් සහ ජපන් ජාතික ෂිමොන් සකගුචි යන විද්යාඥයින් තිදෙනා ස්වීඩනයේ කැරොලින්ස්කා වෛද්ය ආයතනයේ නොබෙල් සභාව, 2025 කායික විද්යාව සහ වෛද්ය විද්යාව පිළිබඳ නොබෙල් ත්යාගය පිරිනමා ඇති බව නිල වශයෙන් ඊයේ(06) පැවති මාධ්ය හමුවකදී ප්රකාශයට පත් කොට තිබේ. මිනිස් ශරීරයේ ප්රතිශක්තීකරණ පද්ධතිය පාලනය යටතේ තබාගැනීමට ඇති විශේෂ සෛල වර්ගයක් සොයා […]
රන් මිලේ දැනෙන වෙනසක්

ලෝක රන් මිල ඉතිහාසයේ ප්රථම වරට ඩොලර් 3,950 සීමාව පසු කර ඇතැයි වෙළෙඳ පොළ දත්ත පෙන්වා දෙයි. ඒ අනුව මෙරට රන් මිල ද සෙනසුරාදා දිනට සාපේක්ෂව රු 8,000කින් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. ඒ අනුව අද (07) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු.290,500ක් දක්වා ඉහළ ගොස් තිබේ. පසුගිය සෙනසුරාදා දිනයේ […]