මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා රාසායනික ද්‍රව්‍ය ළඟ තබාගැනිමේ චෝදනාවට අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පියල් මනම්පේරි සහ විදුලි බල මණ්ඩලයේ සේවකයාගේ නඩුව අද (22) දින වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවා තිබුණි.
ඒ විඩියෝ තාක්ෂණය ඔස්සේ ය.
පසුව ඔවුන් දෙදෙනාව නැවතත් මෙම මස 29වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වලස්මුල්ල මහෙස්ත්‍රාත් මල්ෂා කොඩිතුවක්කු මෙනවිය නියෝග කෙරිණි.
මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ ඉඩමක තිබූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා රසායනික ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන අනුව පියල් මනම්පේරි අත්අඩංගුවට ගෙන තිබුණි.



