පුද්ගලයින් 10කට මරණ දඬුවම

ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයින් දස දෙනෙකුට මරණ දඬුවම නියම කර තිබේ.

ඇඹිලිපිටිය, මුල්ලෙයාය ප්‍රදේශයේ දී පුද්ගලයෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීමේ චෝදනාවකට වැරදිකරුවන් වූ කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකුට ඇඹිලිපිටිය මහාධිකරණය විසින් මරණදඬුවම නියම කර තිබේ.

2011 වර්ෂයේ සිදුවූ එම ඝාතනයකට අදාළ නඩුවේ තීන්දුව අද (24) දින ප්‍රකාශයට පත් කරමින් ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය ලබාදුන් බව ‘අද දෙරණ’ වාර්තාකරු සඳහන් කළේය.

පුද්ගලික ආරවුලක් මුල් කරගනිමින් 2011 ඔක්තෝබර් මස 11 දින එවකට 30 හැවිරිදි පුද්ගලයෙකු තියුණු ආයුධ හා ගල්මුල්වලින් පහරදී ඝාතනය කර තිබුණි.

අදාළ ඝාතනය සම්බන්ධයෙන් කාන්තාවන් සිව්දෙනෙකු ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකුට එරෙහිව ඇඹිලිපිටිය මහාධිකරණය හමුවේ මෙම නඩුව ගොනුකර ඇත.

නඩුවේ තීන්දුව ලබාදෙමින් කාන්තාවක් ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකු නිදොස් කොට නිදහස් කළ මහාධිකරණ විනිසුරුවරයා සෙසු විත්තිකරුවන් 10 දෙනාට මරණදඬුවම නියම කිරීමට නියෝග කර ඇති බව වැඩිදුර සඳහන් වෙයි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *