පුද්ගලයෙකුට පහර දුන් පොලිස් ලොක්කාට ස්ථාන මාරුවක්

පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාවකට අදාළව කුලියාපිටිය පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව ස්ථාන මාරුකර තිබේ.

ඒ අනුව ඔහු කුලියාපිටිය පොලිස් ස්ථානයේ සිට මාවතගම පොලිස් ස්ථානය වෙත ස්ථාන මාරුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

සිවිල් ඇදුමින් සැරසුනු පොලිස් නිලධාරියෙකු විසින් නිවසක රැඳී සිටින පුද්ගලයෙකුට පහරදීමේ වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වී තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

එහිදි අනාවරණය වූයේ පහරදෙනු ලබන පුද්ගලයා කුලියාපිටිය පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා බවටයි.

ඒ අනුව සැකකරු ස්ථාන මාරු කිරීමට පියවර ගෙන ඇති අතර එම නිලධාරියාට එරෙහිව ඉදිරියේ දී විනය ක්‍රියාමාර්ග ගැනීමට ද නියමිත බව පොලීසිය පැවසුවේ.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *