“පුළුවන් නම් රස්සා නැති කරලා පෙන්නන්න..”

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව විසින් ගෙන ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද පෙරවරු 8 සිට ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පවසනවා.

එහිදී ළමා රෝහල්, මාතෘ රෝහල්, පිළිකා සහ වකුගඩු ආශ්‍රිත රෝහල්, මානසික ‍රෝග හා විද්‍යායතන රෝහල් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සඳහා සම්බන්ධ කර නොගන්නා බවත්, අනෙකුත් සියලුම රෝහල් සම්බන්ධ කරගනිමින් ලංකාවේ සියලුම වෛද්‍යවරුන් අද දවසේදී ලංකාව පුරා මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට යොමුවන බවත් ඔහු කියා සිටියා.

අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළ ආකාරයට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයින්ව එම රැකියාවෙන් අද දහවල් 12 වන විට ඉවත් කරන බව සිදුකළ ප්‍රකාශය ක්‍රියාවට නංවා පෙන්වන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අභියෝග කරන බවද වෛද්‍යවරයා සඳහන් කළා.

එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ,

“ඔබගේ නොදැනුවත්කම, ඔබව කවුරුහරි නොමඟ යවනවා වෙන්න පුලුවන්. කරුණාකර වැරදි තීන්දු තීරණ අරගෙන ඉතිහාසයේ කුණු කූඩයට වැටිච්ච සෞඛ්‍ය ඇමතිලා ඉන්නවා ඕන තරම්, ඔබගේ නමත් එම කුණු කූඩයට හෝ එම කළු චරිතය විදිහට ඒ ලිස්ට් එකට නැත්තම් ඒ ලේඛනයට ඇතුළත් වෙන්න උත්සහ කරන්න එපා.”

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *