පෙම්වතාට එන්න කියා තරුණියක් ගිංඔයට පැනලා

වෙන්නප්පුව පොලිස් වසමේ නයිනමඩම පාලම මත සිට තරුණියක් ගිංඔයට පැන දියේ ගිලී අතුරුදන්ව ඇති බව වෙන්නප්පුව පොලිසිය පවසනවා.

මෙසේ අතුරුදන්ව ඇත්තේ අවුරුදු 17ක් වූ පෝරුතොට ප්‍රදේශයේ පදිංචි තරුණියක්.

ඇය ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇති අතර පෙම්වතාට එම ස්ථානයට පැමිණීමට දුරකතනයෙන් දැනුම් දී තිබෙනවා.

පසුව ඔහු තවත් මිතුරෙකු සමග නයිනමඩම පාලම අසලට පැමිණෙන විට එම තරුණිය ගිංඔයට පැන ඇති බවයි වාර්තා වෙන්නේ.

ඇය බේරා ගැනීම සඳහා තරුණයාද ගිංඔයට පැන ඇති අතර ප්‍රදේශවාසීන් විසින් එම තරුණයා බේරාගෙන තිබෙනවා.

තරුණිය දියේ ගසා ගෙන ගොස් ඇති අතර වෙන්නප්පුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *