පොලිස්පතිගෙන් විශේෂ දැනුම්දීමක්

ඩ්‍රෝන යානා භාවිත කරමින් මෙරට ජාතික ආරක්ෂාවට තර්ජනයක්වන ආකාරයේ කටයුතු සිදුකිරීමට, යම් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට ඇති හැකියාව සැලකිල්ලට ගෙන එම තත්වය වළක්වාගැනීමට අවශ්‍ය පියවර ගැනීම පිළිබඳව අවධානය යොමුකර තොරතුරු රැස්කරන මෙන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සියළුම පොලිස් ස්ථාන දැනුවත් කර තිබෙනවා.

ඒ අනුව මෙරට තුළ ඩ්‍රෝන යානා/නියමුවන් රහිත ගුවන් යානා ආනයනය කිරීම, වෙළඳාම් කිරීම, ක්‍රියාකරවීම සම්බන්ධව 2010 අංක 14 දරණ සිවිල් ගුවන් සේවා පනතේ සලසා ඇති ප්‍රතිපාදනවලට යටත්ව සිදුකළ යුතු වුවද ඇතැම් ආයතනයන් මගින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයෙන් එම යානා මෙරටටට ආනයනය හා අමතර කොටස් වෙළඳාම් සිදුකරන බවට තොරතරු අනාවරණය වී තිබෙන බව පොලිසිය පවසනවා.

එබැවින් ඩ්‍රෝන යානා/නියමුවන් රහිත ගුවන් යානා හා අමතර කොටස් ආනයනය කරන ආයතන, මෙරට තුළ ඩ්‍රෝන යානා අලෙවි කරන ව්‍යාපාරික ස්ථාන හා අළුත්වැඩියා කරන ස්ථාන පවත්වාගෙන යන පුද්ගලයින් 2010 අංක 14 දරණ සිවිල් ගුවන් සේවා පනතේ ප්‍රතිපාදන වලට යටත්ව එම කටයුතු පවත්වාගෙන යාමට කටයුතු කිරීමට අවධානය යොමුකරන ලෙසයි පොලිසිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වනවා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *