පොලිස්පති ගැන කළ ප්‍රකාශයට සාගරට එරෙහිව පරීක්ෂණයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා විසින් වත්මන් පොලිස්පතිවරයා සම්බන්ධයෙන් සිදුකරන ලද ප්‍රකාශයක් පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.

සාගර කාරියවසම් මහතා ඊයේ(03) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් චෝදනා කළේ, වත්මන් ආණ්ඩුව යටතේ හිටපු පොලිස්පතිවරුන් තිදෙනෙකුට ඛේදනීය ඉරණමකට මුහුණ දීමට සිදු වූ බවයි.

එහිදී හිටපු පොලිස්පතිවරුන් වන පූජිත් ජයසුන්දර, සී.ඩී. වික්‍රමරත්න සහ දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන් මුහුණ දුන් සිදුවීම් පිළිබඳව අදහස් දැක්වූ ඔහු, වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගෙන් ඉල්ලා සිටියේ ආණ්ඩුවට සේවය කිරීම නතර කර ජනතාවට සහ රජයට සේවය කරන ලෙසයි.

එමෙන්ම “මහපාරේ මිනිස්සුන්ගෙන් ගුටි කාලා මැරිච්ච පොලිස්පතිවරයා හැටියට 37 වැනි පොලිස්පතිවරයා ඉතිහාසගත වෙනවාට තමන් අකමැති බව” ද සාගර කාරියවසම් මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඒ අනුව, මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවත්, ඒ පිළිබඳව විමර්ශනයක් සිදු කිරීමට පියවර ගන්නා බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පෙන්වා දුන්නා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *