“මහර ගිනි තැබුවේ සැලසුමකටද?”

මහර බන්ධනාගාරයේ මෑතකදී ඇති වූ කලහකාරී තත්ත්වය සිරකරුවන් අතර ඇති වූ සාමාන්‍ය ගැටුමක් නොව, බන්ධනාගාර පරිපාලනය අඩපණ කිරීම අරමුණු කරගත් සංවිධානාත්මක කඩාකප්පල්කාරී ක්‍රියාවක් විය හැකි බවට සැක මතුව ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා අද (04) පාර්ලිමේන්තුවේදී පැවසීය. විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා සඳහන් කළේ බන්ධනාගාරයේ මුළුතැන්ගෙය, ආපනශාලාව, රෝහල, පරිපාලන කාර්යාලය සහ ප්‍රධාන ජේලර් කාර්යාලය […]
පද්ධතියේ ස්ථාවරභාවය අවදානමක… ඕනෑම මොහොතක නොදන්වා විදුලි කප්පාදුවක්…

ශ්‍රී ලංකාවේ විදුලි බල පද්ධතියේ ස්ථාවරභාවය මේ වන විට දැඩි අවදානමකට ලක්ව ඇති බවත්, ඕනෑම මොහොතක ග්‍රාමීය ප්‍රදේශවලට පූර්ව දැනුම්දීමකින් තොරව විදුලි කප්පාදුවක් සිදුවීමේ ඉඩකඩ පවතින බවත් බලශක්ති විශේෂඥ විදුර රලපනාව මහතා පවසයි. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව අවධාරණය කර සිටී. පද්ධතියේ ස්ථාවරභාවය පිළිබඳව ඇතැම් මාධ්‍ය ආයතන ගෙන යන වාර්තාකරණය විවේචනය කරන […]
පොලිස්පති ගැන කළ ප්‍රකාශයට සාගරට එරෙහිව පරීක්ෂණයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා විසින් වත්මන් පොලිස්පතිවරයා සම්බන්ධයෙන් සිදුකරන ලද ප්‍රකාශයක් පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. සාගර කාරියවසම් මහතා ඊයේ(03) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් චෝදනා කළේ, වත්මන් ආණ්ඩුව යටතේ හිටපු පොලිස්පතිවරුන් තිදෙනෙකුට ඛේදනීය ඉරණමකට මුහුණ දීමට සිදු වූ බවයි. එහිදී හිටපු පොලිස්පතිවරුන් වන […]
බන්ධනාගාර පහක ගැටුම් හදන රහස් සැලසුමක්..

බන්ධනාගාර පහක සැලසුම් සහගතව ගැටුම් ඇති කර, රට තුළ මහා අවුල් ජාලයක් නිර්මාණය කිරීමේ රහස් වැඩපිළිවෙළක් පිළිබඳව බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරගෙන ඇති බව සතියේ පුවත්පතක් වාර්තා කරයි.මෙම වාර්තාවට අනුව, මීගමුව සහ මහර බන්ධනාගාරවල මෑතකදී ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් මෙහෙයවූ සංවිධානාත්මක කණ්ඩායමම මෙම නව සැලසුම පිටුපස ද සිටින බවට තොරතුරු හෙළි වෙමින් පවතී. දුම්බර, කළුතර, […]
විශේෂ කාරක සභාවක් ඉල්ලූ සජබ යෝජනාව කථානායකවරයාට

ගොඩගැසී ඇති නඩු කටයුතු කඩිනම් කිරීමට සමගි ජන බලගයෙන් තේරීම් කාරක සභාවක් ඉල්ල කථානායකවරයාට යෝජනාවක් බාර දී තිබේ. ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය තුළ මේ වන විට නඩු මිලියන 1.1ක් ගොඩගැසී ඇති බවට අධිකරණ අමාත්‍යාංශයේ දත්ත පෙන්වා දෙන බැවින් මෙකී නඩු කටයුතු කඩිනම් කිරීම සඳහා වන යෝජනා ලබා ගැනීමට පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස […]
පාස්කු ප්‍රහාරයේ මීළඟ තීන්දුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ද?

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ රිට් පෙත්සම විභාගයට ගන්නේ ද නැද්ද යන නියෝගය සැප්තැම්බර් මස 22 වැනිදා නිකුත්කරන බව අභියාචනාධිකරණය ඊයේ(03) සඳහන් කළා. එම රිට් පෙත්සම සලකා බැලීම ඊයේ(03) අවසන් කෙරුණා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් ත්‍රස්තවාදය වැළැක්වීමේ […]