පොලිස් නාකොටික් ලොක්කාට ස්ථානමාරු

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂ, ‌ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතාට ස්ථානමාරුවක් ලබාදෙනු ලැබුවේ ඔහුට එරෙහිව සිදුකරන විමර්ශනයකට අදාළව බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

තොරතුරුකරුවන් ලබාදීමට තිබූ රු ලක්ෂ 50ක මුදලක් අවභාවිත කිරීම, පරිපාලන දුර්වලතා සහ මාස තුනක් තුළ නිසි පරිදි මත්ද්‍රව්‍ය වැටලීම් සිදුනොකිරීම ඔහුට එරෙහිව ඇති චෝදනා බව සඳහන්ය.

රු ලක්ෂ 50ක මුදලක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව මොහු ස්ථානමාරු කිරීම් සිදුකරන ලෙස පසුගිය සැප්තැම්බර් මස 25 වනදා පොලිස් කොමිෂන් සභාවට දැනුම්දී ඇත.

ඒ අනුව ඊට අදාළ නියෝගය ඊයේ (15) දිනයේ දී ලැබී ඇති අතර, ඒ අනුව ඔහුව ස්ථානමාරු කළ බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේවෙතත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතාගේ ස්ථානමාරුව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ පළ වන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බවද පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *