පොලිසිය ඇතුලෙම පත්තු වුණ වෙඩිල්ල

අද (24) පස්වරුවේ අම්බලන්ගොඩ පොලීසියේදී වැරදීමකින් ගිනි අවියක් ක්‍රියාත්මක වී පොලිස් නිලධාරියෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ.

රාජකාරියට වාර්තා කිරීම සඳහා පැමිණි කොස්තාපල්වරයෙක් මෙලෙස තුවාල ලබා ඇති අතර මෙම කොස්තාපල්වරයා රාජකාරියට වාර්තා කිරීමෙන් පසුව සිය ගිනිඅවිය පරීක්ෂා කරමින් සිටියදී හදිසියේම ගිනිඅවිය ක්‍රියාත්මක වී ඇත.

එහිදී ඔහුගේම එක් කකුලකට වෙඩි වැදී ඇති අතර පසුව පොලීසියේ මෝටර් රථයකින්ම ඔහුව ප්‍රථිකාර සඳහා බලපිටිය මූලික රෝහලට ඇතුලත් කර තිබේ.

වැඩිදුරටත් වාර්තා වන්නේ ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *