පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් දෙපිරිසක් අතර ගැටුමකින් සිසුවෙකු මරුට

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ හෝටලයක දී පුද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් අතර ඊයේ(09) රාත්‍රියේ සිදු වූ ගැටුමකින් විශ්වවිද්‍යාල සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

පොලීසිය පැවසුවේ අදාළ සිදු වීම සම්බනඳයෙන් සැකකරුවන් 5 දෙනෙකු මේ වන විට පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 19ක් වූ නිකදළුපොත වැල්ලව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

අදාළ විශ්වවිද්‍යාලය විසින් ඊයේ (9) දිනයේදී අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබිණි.

එම අවුරුදු උත්සවයේ සියලු කටයුතු පස්වරු 6ට පමණ අවසන් වී ඇත. 

කෙසේ වෙතත් අනතුරුව එම විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් රාත්‍රියේ පෞද්ගලිකව සාදයක් සංවිධානය කර තිබිණි. 

එම සාදය පැවැත්වෙන අතරවාරයේ දී සිසුවියක් වැසිකිළියාමට ගොස් ඇති අතර, එහිදී ඇය පසුපස සිසුවෙකුද ගොස් තිබේ.

එය දුටු එම සිසුවියගේ මිතුරෙකු (මරණයට පත් වූ ශිෂ්‍යයා), ඇය පසුපස ගිය සිසුවාට පහරදීමක් සිදුකර ඇත.

එම අවස්ථාවේදී පහරකෑමට ලක්වූ සිසුවාගේ යහළුවන් පිරිසක්, පහරදුන් සිසුවාට දැඩි ලෙස පහරදී  පළාගොස් තිබේ.

පහරකැමෙන් බරපතළ තුවාල ලැබූ එම සිසුවා හෝටල් සේවකයින් විසින් රෝහල් ගත කර ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත් ඒ වන විටත් අදාළ සිසුවා මරණයට පත්ව සිට ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *