බංග්ලාදේශයේ පළමු කාන්තා අගමැතිනි ජීවිතක්ෂයට

බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍යවරියක වන කලීඩා සියා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මෙලෙස ජීවිතක්ෂයට පත් වුණා.

මියයන විට ඇය 80 වන වියේ පසුවුණා.

පසුගිය නොවැම්බර් මස 23 වනදා රෝහල්ගත කළ කලීඩා සියා දෙසැම්බර් මස 11වනදා සිට ශ්වසනාධාර යන්ත්‍රවල සහයෙන් පසුවුණ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඇයට සිරෝසිස්, ආතරයිටිස්, දියවැඩියාව, පපුවේ සහ හෘද රෝග ගණනාවකට ප්‍රතිකාර ගත් බව ඇගේ වෛද්‍යවරු පවසා තිබුණා.

බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ නායිකාව වන කලීඩා සියා එරට පළමු කාන්තා අගමැතිවරියයි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *