බම්බලපිටියේ බරපතළ රිය අනතුරක්

බම්බලපිටිය සමුද්‍ර මාර්ගයේ අද (06) අලුයම 2:30ට පමණ සිදුවූ බරපතළ රිය අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

ලොරි රථයක් මාර්ගය අයිනේ නතර කර තිබූ මෝටර් රථ 2ක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව බම්බලපිටිය පොලීසිය පැවසීය.

පොලීසිය සඳහන් කළේ වැල්ලවත්ත දෙස සිට කොල්ලුපිටිය දෙසට ධාවනය වූ ලොරි රථයක් මෙලෙස මෝටර් රථ දෙකක ගැටී තිබෙන බවත් පසුව ලොරි රථය දුම්රිය මාර්ගය දෙසට ධාවනය වී දුම්රිය පීලි මත නතර වී තිබූ බවත්ය.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *