දෙහිවල ප්‍රදේශයේ වෙඩි තැබීමකින් අයෙකු මරුට
දෙහිවල A ක්වාටස් ක්‍රීඩාංගනය ආසන්නයේදී සිදුකළ වෙඩි තැබීමකින් 34 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ අද (06) රාත්‍රි 8ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවය. වෙඩි වැදීමෙන් 34 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත. පොලීසිය සැක පළ කරනුයේ මෙම වෙඩි තැබීම පාතාල කල්ලි දෙකක ගැටුමක ප්‍රතිඵලයක් […]
ජනපති මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව හමුවෙයි
ආපදාවෙන් පසු ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේදී සාමාන්‍ය රාජ්‍ය යාන්ත්‍රණය ඉක්මවා යන සියලුදෙනා ඒකාබද්ධ කරගත් මෙහෙයුම් යාන්ත්‍රණක් අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (06) පෙරවරුවේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමිනි. දිස්ත්‍රික්කයේ මහා මාර්ග, විදුලිය, ජලය සහ ඉන්ධන සැපයුම වාරිමාර්ග […]
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් රහිත නිවාඩු ගැන තීරණයක්
රාජ්‍ය නිලධාරීන්ට දේශීය හා විදේශීය වැටුප් රහිත නිවාඩු අනුමත කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ. නොවැම්බර් මස 24 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණයක් මත මෙම පියවර ගන්නා බව ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කරමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් […]
“පුලුවන්නම් මාව අත්අඩංගුවට අරන් පෙන්වන්න..”
හැකිනම් තමාව අත්අඩංගුවට ගෙන පෙන්වන ලෙස මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාට අභියෝග කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය. ජාතික ව්‍යසනය ජනාධිපතිවරයාගේ නොසැලකිල්ල නිසා සිදුවූවක් බව ඔප්පු කිරීමට හැකි කරුණු 14 ක් තමන් ඉදිරිපත් කරමින් ඔහුව විවේචනය කළ බවත් ඒ අනුව වටගල නියෝජ්‍ය ඇමතිවරයාට තමාව අත්අඩංගුවට ගැනීමට අවස්ථාව […]
රෙහාන් ජයවික්‍රම සජබ අතහරී
සමගි ජන බලවේගයේ වැලිගම හිටපු නගරාධිපති, වැලිගම ආසන සංවිධායක රෙහාන් ජයවික්‍රම සිය පක්ෂයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. සිය පෞද්ගලික මතවාදය තවදුරටත් පක්ෂයේ මඟ පෙන්වීම සමඟ නොගැලපෙන බව පවසමින් ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය විපක්ෂ නායක, සජබ නායක සජිත් ප්‍රේමදාස වෙත යොමු කළ බවයි ඔහු තම සමාජ ජාල ගිණුමේ සඳහන් කර ඇත්තේ. 2025 දෙසැම්බර් 6 දිනැති ඉල්ලා […]
බම්බලපිටියේ බරපතළ රිය අනතුරක්
බම්බලපිටිය සමුද්‍ර මාර්ගයේ අද (06) අලුයම 2:30ට පමණ සිදුවූ බරපතළ රිය අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. ලොරි රථයක් මාර්ගය අයිනේ නතර කර තිබූ මෝටර් රථ 2ක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව බම්බලපිටිය පොලීසිය පැවසීය. පොලීසිය සඳහන් කළේ වැල්ලවත්ත දෙස සිට කොල්ලුපිටිය දෙසට ධාවනය වූ ලොරි රථයක් මෙලෙස මෝටර් රථ දෙකක […]
ආපදාවන්ට ලක්වූ පුද්ගලයන් සහ ව්‍යාපාර සඳහා ණය සහන
මෑත කාලීන සුළි සුළං සහ ගංවතුර හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වයෙන් බලපෑමට ලක්වූ පුද්ගලයන් හා ව්‍යාපාර සඳහා බලපත්‍රලාභී බැංකු මගින් සහන සැලසීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවය මත අනවශ්‍ය බලපෑමක් ඇති නොවන ආකාරයට, බලපෑමට ලක්වූ ව්‍යාපාර සහ පුද්ගලයන්ට ඵලදායී ලෙස සහන ලබාදීමේ අවශ්‍යතාවය හා ශ්‍රී ලංකා බැංකු […]